Colombo Today Local News

පුංචි ඡන්ද ප්‍රතිඵලය ජාතියේ ඉතිහාසයත්, අනාගතයක් එකවර වෙනස් කරයි…

පෙරේදා පැවති පළාත් පාලන මැතිවරණය ජාතියේ ඉතිහාසයත්, අනාගතයත් එකවර වෙනස් කල ඓතිහාසික මැතිවරනයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. හෙතෙම මේ අදහස් පළ කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

“You can fool Some of the people some of the time, but you cannot fool all the people all the time” කියන එක තමයි මේ රටේ ජනතාව මහ හයියෙන් මේ මැතිවරණයේ දී ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ මැතිවරණ ප්‍රතිඵලය ජාතියේ ඉතිහාසයත් අනාගතයත් එකවිට වෙනස් කරපු මැතිවරණ ප්‍රතිඵලයි. ජාතියේ ඉතිහාසය වෙනස් කලා කියන්නේ ලංකාවේ ඉතිහාසය පුරාම කවම කවරදාවත් ආණ්ඩු බලය අහිමි දේශපාලන පක්ෂයකට පළාත් පාලන මැතිවරණයක් පුංචි ඡන්දයක් ජයග්‍රහණය කරන්න ජනතාව අවස්ථාව දීලා නෑ. එය කෙසේ කෙතරම් ප්‍රබල මතයක් ද කියනවා නම් 1994 මාර්තු මාසේ 24 වැනිදා තමයි එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක දේශපාලන ගමනේ පළවැනි පරාජය වන දකුණු පළාත් සභා මැති මැතිවරණය පැවැත්වුණේ. ඊට හරියටම දවස් විසි තුනකට කලින් 1994 මාර්තු මාසයේ පලවෙනිදා පැවැත්වුනු නැගෙනහිර පළාතේ පලාත් පාලන මැතිවරණයේ දී සමස්ත ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයට හිමි වුනා. ඒ කියන්නේ පළාත් සභා මැතිවරණයක් පරදින්න දවස් විසි තුනකට කලින් තිබ්බ පුංචි ඡන්දයත් ආණ්ඩු පක්ෂය ජයග්‍රහණයය කරා. ඒ නිසා මේ මැති මැතිවරණයේදී ලංකා ඉතිහාසයේ නොවු විරු අයුරින් මේ ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කරා කියලා තමයි අපිට ලැබෙන පළමු පණිවිඩය.

විශේෂයෙන්ම මේ මැතිවරණය පාර්ලිමේන්තු මැති මැතිවරණයක් හෝ ජනාධිපති මැතිවරණයක් වුණා නම් දැනට වාර්තාවී ඇති විශිෂ්ටතම ජයග්‍රහණය වන 2010 ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අභිබවා යන ජයග්‍රහණයක් බවට අනිවාර්යයෙන්ම පත්වෙනවා

ඒ වගේම මේ මැතිවරණය අනාගතය වෙනස් කර මැතිවරණයක් කියන්නේ මේ ජනතාව ඉතා පැහැදිලිව අපගේ ඉල්ලීමට ඇහුම්කන් දෙමින් මෙය ජනමත විචාරණයක් බවට පත් කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහමුලින්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ නිසා තවදුරටත් ආණ්ඩුවට ලක්ෂ 62ක ජනවරම ගැන මතුරමින් රට බෙදන පෙඩරල් ව්‍යවස්ථාව, රටේ රැකියා ඉන්දියාවට විකුණන එක්ටා ගිවිසුම, ජාතික සම්පත් නොරටුන්ට විකුණන ක්‍රියාවලිය එක අඩියකින් නොව එක අඟලකින් වත් ඉදිරියට ගෙනයාමට අයිතියක් ඉඩක් නැති බව අපි ආණ්ඩුවටත් ආණ්ඩුව මත යැපෙන ඩොලර් මත යැපෙන එන්ජීඕ ප්‍රජාවටත් සිහිපත් කරනවා.

ඒ වගේම මේ ආණ්ඩුව දැන් පිළුණු වෙලා ඉවරයි. මේ ආණ්ඩුව 2015 ජනවාරි 8 වෙනිදා මුදවා ගත් කිරි හට්ටියක් නම් කිරි හට්ටිය සුදු කඩදාසියකින් වහලා කල් ඉකුත්වීම ගැහුවා 2019 නොවැම්බර් කියලා. ඒ 2019 නොවැම්බර් මාසයේ කල් ඉකුත්වීමේ දිනය එතන තිබුණත් ඊයේ දින සිට දැඩි ගදක් හමන බවත් මෙය කෑවොත් ජනතාව අසනීප වෙනවා කියලා ජනතාව නහය හකුළාගෙන මුහුණ බෙරි කරගෙන මෙය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ නිසා මේ කිරි හට්ටිය කුස්සියේ මේසයෙන් බැහැලා ගියේ නැත්තං ජනතාවට සිදු වන්නේ මෙය ඔසවාගෙන ගොස් බලහත්කාරයෙන් කුණු කූඩයට විසි කිරීමටයි. ඒ නිසා කුණු කූඩයට විසි කිරීමට කලින් වේදිකාවෙන් බැහැලා යන්න මහත්වරුනේ කියලා අපි ආණ්ඩුවේ නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ මැතිවරණය හරහා ජනතාව පෙන්වූ ඔවුන්ගේ කල කිරීම පමණක් නොව කේන්තියද පෙන්වා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව මේ ජනතා හඬට කන් නොදුන්නොත් පාර්ලිමේන්තුව වටලන්න ජනාධිපති අගමැති මන්දිර වටලන්න පවා ජනතාවගේ උද්‍යෝගයක් තිබෙනවා. ඒ නිසා එහි අවදානම ආණ්ඩුවේ නායකයින් වටහා ගත යුතුයි.

විශේෂයෙන්ම අපි කියන්න ඕනෑ මේ ආණ්ඩුවට ජනවරමක් ලැබුණා කියන මැතිවරණයේදී ආණ්ඩුවට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ දිස්ත්‍රික්කය 15ක්. මේ මැතිවරණයේ දී අපි දිස්ත්‍රික්ක 16ක් ජයග්‍රහණය කරලා තියෙනවා විතරක් නෙවෙයි දිස්ත්‍රික්ක 6 ක ආණ්ඩුවට කිසිම පළාත් පාලන ආයතනයක් ජයග්‍රහණය කිරීමට ඉඩ නොදීමට තරම් ජනතාවගේ කේන්තිය සහ කලකිරීම් දැඩි ලෙස ප්‍රකාශ කර තිබෙනවා.

ඒ වගේම අපි මතක් කරන්න ඕනෑ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමා ප්‍රකාශකර විදිහටම එදා පාර්ලිමේන්තුවේ අගමැති මාරු කරමින් 46 දෙනෙක් ඉන්න පක්ෂ නායකයාට අගමැතිකම දුන්නේ මීට කලින් පාර්ලිමේන්තු මැතිවරණයේ ජනවරම ජනාධිපතිවරණ ජනවරමින් පිළුණු වීමට ලක් වුණා කියලා. පිළුණු වීමේ න්‍යාය මෙතෙන්ට අනුගමනය කරොත් 2015 ලැබුණු ජනවරම් දෙකම මේ මැතිවරණයෙන් පිළුණු වීමට ලක්වෙලා තියෙනවා. ඒ න්‍යාය අනුව බලනවා නම් එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තිබුණේ මන්ත්‍රීධූර 46ක් පමණක් වුවත් අපිට නම් 54ක් තියෙනවා කියන එක අපි සිහිපත් කරන්නේ කැමතියි.

මේ රටේ ජනතාව ඉතිහාසය වෙනස් කරන්න අනාගතය වෙනස් කරන්න තමන්ගේ ජීවිත පරදුවට තියලා ආණ්ඩුවකට එරෙහිව තමන්ගේ ජන මතය ප්‍රකාශ කිරීමට පුංචි ඡන්දයකදී අකමැති වන්නේ මැතිවරණ ප්‍රථිපලය කුමක් වුවත් ආණ්ඩුව වෙනස් නොවෙනවා කියන අදහසින්. ඒ අවදානම අරගෙන ජනතාව මේ ලබා දුන්නු ඒ තීන්දුවට හිස නමා ආචාර කරන අතරම අපිට මතකයි 2015 ජනවාරි මාසයේ බලයට ආපු ආණ්ඩුව අපේ පාක්ෂිකයන්ට හිරිහැර කරමින් ගෙවල් ගිනිබත් කරමින් ඉතාමත් අශීලාචාර විදිහහට තමයි ජයග්‍රහණය සැමරුවේ. ඔවුන්ට වඩා අපි වෙනස් කියලා පෙන්වමින් අපි යන්නේ අලුත් ගමනක් කියලා පෙන්වමින් අපි ඉතා සාමකාමීව ශිලාචාරව ලැබූ ජයග්‍රහණය සමරමින් අපේ තිබෙන වෙනස් බව උතුම් බව රටටම පෙන්වන්න කියලා අපි අපේ පාක්ෂිකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.

– අරවින්ද අතුකෝරල

Related posts

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා බිලි ගනී

colombotoday

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවෙයි

Admin

ගෝඨාභය ජනපතිවීමෙන් ඊළාම් සංකල්පය බිද වැටුණා – තමිල්ණාඩු ඊළාම්වාදීන් කදුළු සලති

colombotoday

සිරියාවේ වෙන දේවල් මෙහෙ නොවෙන්න බොදු බලේ 2014 දී රජයට දුන්න යෝජනා මෙන්න

colombotoday

සරත් ෆොන්සේකා ඇතුළු 11කට අධිකරණ නියෝගයක්

Admin

තිලිණි ප්‍රියමාලි යළි ඇතුළට : ජානකීට ඇප

Admin