Colombo Today Local News

බි‍්‍රගේඩියර් ප‍්‍රනාන්දුට එරෙහිව කිසිඳු පරීක්ෂණයක් නෑ – හමුදාපති

බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටදි උද්ඝෝෂයේ නිරත වූ කොටි හිතවාදීන් පිරිසක් ඉදිරියේ අතින් ‘‘ ගෙළ සිද දමන ’’ ආකාරය නිරූපණය කිරීමේ සිද්ධිය මුල්කරගෙන ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වන බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව කිසිඳු පරීක්ෂණයක් සිදු නොකරන බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා  පැවසීය.

සිද්ධිය වූ දිනයේ විරෝධතාකරුවන් එල් . ටී . ටී . ඊ ධඡ ඔසවාගෙන ශ්‍රි ලංකා රජයට චෝදනා කරමින් ප්‍රභාකරන්ගේ ගුණ ගායනා කරමින් සිටියදී බි‍්‍රගේඩියර්වරයා එම ස්ථානයේ සිට සිය අතේ පළදාගෙන සිටි ශ්‍රි ලංකා ධඡය ඔවුනට පෙන්වා ශ්‍රි ලංකා රජය ප්‍රභාකරන්ගේ ගෙළ මුලුමනින්ම සිඳදා ඇති බවට නිරූපනය කරමින් පෙන්වා ඇතැයි හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලීමේදී මෙම කරුණු තහවුරු වු බවද හමුදාපතිවරයා කීය.

අන්තර්ජාලයේ පළ වු අයුරින් මෙය කිසිසේත්ම උද්ඝෝෂණකරුවන්ගේ ගෙළ සිඳ දමන බවට කළ නිරූපනයක් නොවන බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

තමන් අද දිනයේ සියලු කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරන බවද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

-ලංකාදීප

Related posts

සෑම දිස්ත්‍රික්කයකට ජාත්‍යන්තර පාසලක් හා රෝහලක්

colombotoday

ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය

Admin

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝ ලක්ෂ 27 ක් ගොඩ ගැහිලා

colombotoday

කොරෝනා මරණ ආදාහනය සඳහා ශ්‍රී ලංකාවේ කාඩ්බෝඩ් පෙට්ටි භාවිතා කිරීමට පටන් ගනී

colombotoday

තනතුරුවලින් ඉවත් වූ නිලධාරීන් නැවත සේවයට එපා – අගැමති මුදල් ඇමතිට දන්වයි

colombotoday

රට අරාජිකයි, දේශීය ලේබලයෙන් එන්නේ ජාත්‍යන්තර අතපෙවීමක්

colombotoday