Colombo Today Local News

ලිලී පාරේ අලුතෙන් හදන ජොනීගේ හෝටලේ ළගදීම කරළියට…

හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත්  කොළඹ ලිලී මාවතේ ඉදිකරමින් පවතින හෝටලයක් සම්බන්ධයෙන් දේශපාලන කේෂත්‍රයේ කතා බහට ලක්ව තිබේ.

අදාළ, හෝටලය ඉදි කිරීමට ඔහු මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් මේ වන විට සැක පලවී ඇති අතර එම මුදල් ඔහු විසින් ඉකුත් රජය සමයේදී අයථා ලෙස උපයාගත් ඒවා බවත් ඒ සම්බන්ධයෙන් වහා පරීක්ෂණ කරන ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනපතිවරයාගෙන් ඉල්ලා ඇති බවද පැවසේ.

එසේම ඔහුට විරුද්ධව පවතින නඩු යට ගැසීමට ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ අමාත්‍යවරයකු වූ අයෙකු සහය දෙන බවටද ඔවුන් චෝදනා එල්ලකර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එම නඩු යට ගසා ගැනීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ද සහය හිමිව ඇති බවට ද මේවන විට තොරතුරු ලැබී ඇතැයි ද පැවසේ.

මේ අතර, එම හෝටලයේ ඉදිකිරීම් මේවන විට අවසන්ව ඇති බවත්, එය ළඟදීම විවෘත කිරීමට සූදානම් වන බවත් වාර්තා වේ.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නාමල්ගේ මතය

colombotoday

දිවිදුන් විරුවන්ට ගෞරවය පුදකිරීමටනම් අනාගත පරපුරට සමෘද්ධිමත් දේශයක් උරුම කර දෙන්න – කථානායක නිදහස් දින පණිවුඩය

colombotoday

පානිය ජල බෝතල් සඳහා බලපාන අලුත්ම නීති මෙන්න.

colombotoday

“මහින්ද කරපු සංවර්ධනයක් නෑ..ණය අරන් කරේ සංදර්ශන.. ඒවයේ පොලිය ගෙවන්න බදු වැඩි කරා” කබීර් හෂීම්

colombotoday

එදා කැඳහැළියක් වූ යහපාලනය මීට වඩා හොඳට රට පාලනය කලා

colombotoday

ජපානයෙන් සෞඛ්‍ය සේවයට ත්‍යාගයක්

Admin