Colombo Today Local News

ජනපතිගේ අද කතාව : ඇලෝසියස්..! අත්අඩංගුවට ගැනීමේ නාටකය සිරසෙන් සජීවීව

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පර්පෙචුවල් ට්‍රෙෂරිස් ආයතනයේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන රහස් පොලිසිය විසින් අද අළුයම අත්අඩංගුවට ගැණිනි.

අද පාන්දරම තකනියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ යම් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව යැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

ජනාධිපතිවරයා අද නිදහස් දිනයේ පවත්වන, කුප්‍රකට ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් සකසන දේශනයට කරුණු පදනම් කරගැනීම සදහා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි පැවසෙන අතර, රහස් පොලිසිය අර්ජුන් ඇලෝසියස්ගේ කොල්ලුපිටියේ නිවස වටලන අවස්ථාවේ සිට සිරස රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබිණි.

රහස් පොලිසිය විසින් ගනු ලබන තීරණයක් මාධ්‍ය අයතනයකට ලැබුණේ කෙසේදැයි යන්න ප්‍රශ්නාර්තයක් මතුවන අතර, ජනපතිවරයා වෙනුවෙන් කඩේ යන සිරස හරහා එම අත්අඩංගුවට ගැනීම සජීවීව විකාශය කිරීමෙන් පෙනී යන්නේ මෙය සැලසුම් සහගතව කරන ලද සංදර්ශනයක් බවයි.

මැතිවරණයට පෙර අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව අපි මීට පෙරද අනාවරණය කර සිටි අතර, ඇලෝසියස් අත්අඩංගුවට ගැනීම හෙවත් “හොරුන්ට දඩුවම් දීම“ ජනාධිපතිවරයා විසින් ඉදිරි තීරණාත්මක දින කිහිපයේදී මැතිවරණ වේදිකාවේදී වාසි සහගත ලෙස යොදා ගනු ඇතැයිද ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

 

 

Related posts

උඩවත්ත කැළේ රක්ෂිතයත් විකුණන් කන්න පිඔුරුපත් සැකසේ

colombotoday

කෝටි 16කට අධික කුඩු සෙල්ලම් බඩු එක්ක එවලා

Admin

MCC ගිවිසුම් අත්සන් කළොත් කිසිම රජයකට අහෝසි කරන්න බෑ !

colombotoday

ජී.එල්. පීරිස් මුදල්වල වැඩ බලන්න පත් කරයි

colombotoday

මුස්ලිම් ඇමැති බලපෑම් එපා…! සියලූ අන්තවාදී බලවේග තහනම් කරමු – ත්‍රෛයිනිකායේ හඬ මෙයයි!!

colombotoday

රතන හිමි පොහොට්ටුවෙන් ඉවත්වූ බව කියන ලිපිය බොරුවක්…!

colombotoday