Colombo Today Local News

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවේ නිතර පිරිස හා පොලිසිය අතර අද උදෑසන උණුසුම් තත්ත්වයක් මතුව ඇත.

මෙම සංවාදාත්මක තත්ත්වය මතුවුණේ, පදික වේදිකාව අවහිර කොට නවත්වා ඇති පොලිස් බස් රථවල එල්ලා තිබූ විරෝධතා පුවරු ඉවත් කිරීමට යාමේදීයි.

“පොලිසිය මැරයෝ වෙන්නේ, මෙන්න මේ වෙලාවට. මේ බලය අයුතු ලෙස භාවිත කිරීම”

“අපි සාමකාමීව ගෙන ගියේ. මේ ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියනවා. ගැටුමක් නිර්මාණය කරන්න. ආණ්ඩුවෙන් කරන්නේ මේවා. බස් දාලා තියෙන්නේ අපිද?”

“මේ නවත්වලා තියන බස් එකක්වත්, පොලිසියේ නෙවෙයි. ඒගොල්ලෝ දන්නේ නැහැ කිවුවා කවුද ඇවිල්ලා නැවැත්තුවේ කියලා. දැන් කියනවා මේවා අපේ බස් ලු”

“බලෙන් ඇවිල්ලා බෝඩ් ටික සේරම ගැලෙව්වා.”

විරෝධතාවය එක්වූ පුද්ගලයෙකු පසුව ගිලන් රථයකින් රෝහල්ගත කෙරිණ.

Related posts

ජනපති වෙබ් අඩවිය හැක් කළ සිසුවා අති දක්ෂයෙක්.. ඔහුට ශිෂ්‍යත්වයක් ලබා දිය යුතුයි !

colombotoday

මහින්ද අපට සහය නොදුන්නොත් බලාගමු ! – මුතුහෙට්ටිගම

colombotoday

අණ නොතකා ධාවනය කල මෝටර් රථ දෙකකට නාවික හමුදාව වෙඩි තබයි – එක් අයෙකු මරුට

colombotoday

ශ්‍රේෂ්ඨ පණුවා, නිකං පෑඩ් හා සජිත්ගේ ශ්‍රී මොළය !

colombotoday

මිණිය වළලන්න ගිය 25කට හෙන ගහලා

colombotoday

ලෝක කාන්තා දින ජාතික උත්සවය ඇමති සාගලගේ ප්‍රධානත්වයෙන්

colombotoday