Uncategorized

අපේක්ෂක ලැයිස්තුවෙන් 25%ක් අවුරුදු 35ට අඩු තරුණ, තරුණියන් සඳහා අනිවාර්ය කිරීමේ යෝජනාවක්

පළාත් පාලන ආයතනයන්හි අපේක්ෂක ලැයිස්තුවෙන් 25%ක් අවුරුදු 35ට අඩු තරුණ, තරුණියන් සඳහා වෙන් කිරීම අනිවාර්ය කිරීමට පළාත් පාලන ආඥා පනතේ සිදු කළ යුතු සංශෝධන යෝජනාවක් ලෙස පසුගියදා(27දා) කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතීඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා විසින් කථානායකවරයා වෙත බාර දී තිබේ.

එම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව සම්බන්ධයෙන් දැනුවත් කරමින් කථානායකවරයා වෙත යොමු කළ ලිපිය පහතින්.

-උපුටා ගැනීම –

” පළාත් පාලන ආයනතනයන්හි තරුණ නියෝජනය තහවුරු කිරීම සඳහා 262 වන අධිකාරිය වන පළාත් පාලන ආඥා පනත සඳහා ඉදිරිපත් කරනු ලබන සංශෝධනය

ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමයන් වඩාත් ශක්තිමත් කිරීම සඳහා නියෝජිතවරණයන්හී දී තරුණ තරුණියන් සඳහා වැඩි අවස්ථා ප්‍රමාණයක් ව්‍යවස්ථාපිතව තහවුරුකර දීමේ වැදගත්කම බොහෝ කලක් තිස්සේ අවධාරණයවන්නකි.

එම නිසා අවම වශයෙන් පළාත් පාලන ආයතන තුළ හෝ තරුණ තරුණියන් හට වැඩි අවස්ථාවන් ප්‍රමාණයක් සහතික කිරීම සඳහා ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන කඩිනමින් හඳුන්වාදීම අතිශය කාලෝචිත මම විශ්වාස කරමි.

1990 දී තරුණ අසහනය පිළිබඳව සොයා බැලීමට පත්කරන ලද විශේෂ කොමිසමේ නිර්දේශ තුළ ද තරුණයින් සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමයන්හි වැඩි අවස්ථා ප්‍රමාණයක් සහතික කිරීමේ වැදගත්කම ඉස්මතු කර තිබේ. ඒ අනුව 1990 දී පළාත් පාලන ආඥා පනතට එක් කරන ලද සංශෝධනයක් අනුව ඒ ඒ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් පලාත් පාලන නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ දී 40% ක අවස්ථා ප්‍රමාණයක් තරුණ තරුණියන් සඳහා තහවුරු කිරීමට ප්‍රතිපාදන හඳුන්වාදෙන ලදී.

එහෙත් පසුකාලීනව 2017 වසරේදී ඉදිරිපත් වූ පළාත් පාලන සංශෝධන පනත තුළ 25% ක කාන්තා නියෝජනය තහවුරු කිරීමට ශක්තිමත් ප්‍රතිපාදන හඳුන්වාදීම සඳහා සාධනීය පියවර ගෙන ඇතත්, තරුණයින්ගේ ඉඩප්‍රස්ථා තහවුරු කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමුවී ඇති බවක් නොපෙනෙන අතර 2017 වසරේ සිදු කළ එම සංශෝධනයත් සමඟ 2012 අංක 22 දරන පනතින් ඉදිරිපත් කර තිබූ 25%ක තරුණ නියෝජනය අනිවාර් කිරීමේ කොන්දේසියද අහෝසී වී යාම සිදු විය.

වර්තමනයේදී ජාතික තලය නියෝජනය කරන දේශපාලනඥයින් අතරින් සැලකිය යුතු පිරිසකට දේශපාලනයට අවතීර්ණ වීමට ඉඩප්‍රස්ථාව විවර වූයේද 1990 දී තරුණ නියෝජනය වැඩි කිරීම සඳහා පළාත් පාලන පනතට එක් කරන ලද සංශෝධනයේ ප්‍රතිපලයක් වශයෙනි.

එම හිඩැස පිරවීම සඳහා මා මෙම පනත් කෙටුම්පත ගෙන එන අතර ඒ තුළ දැනට හඳුන්වාදී ඇති කාන්තා නියෝජන ප්‍රතිශතයන් සඳහා කිසිඳු අගතියක් සිදු නොවන පරිදි, පලාත් පාලන මැතිවරණයන්හි පළමු සහ දෙවන නාමයෝජනා ලැයිස්තුවල අවම වශයෙන් 25% ක තරුණ නියෝජන අවස්ථා තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කර ඇත.

රටේ අනාගත ජීවනාලිය බඳු තරුණ ප්‍රජාව තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා සක්‍රීයව දායක කරගැනීමටත් සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් කිරීමටත් මේ තුළින් අවස්ථාව උදාවනු ඇතිබව මාගේ විස්වාසයයි. “

Related posts

මම මාධ්‍යවේදීන්ට තර්ජනය කළේ නෑ – අගමැති

colombotoday

මහ කන්නයේ වී මිලදී ගැනීම් ඇරඹෙයි

colombotoday

“සහරාන් හමුවීම වරදක් නොවේ, මා කටයුතු කළේ බුදුන් වහන්සේ වගෙයි” – හකීම් කියයි

colombotoday

අමාත්‍ය ධූර කිහිපයක සංශෝධනයක් – කෙහෙළිය සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවතට..

Admin

තවත් වෙඩිල්ලකට බිලිවූ ජීවිතයක්

Admin

“ශ්‍රී ලංකාව ආර්ථික අර්බුධයක ගිලෙමින් පවති”- ලොව ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු අනාවරණය කරයි

colombotoday