Colombo Today Local News

උතුරේ දිස්ත්‍රික් හතරක හමුදා බාරයේ තිබූ තවත්අ ක්කර 900ක් මුදාහැරේ..

උතුරේ දිස්‌ත්‍රික්‌ක හතරක යුද හමුදාව විසින් පරිහරණය කරනු ලබන තවත් ඉඩම් අක්‌කර 900 ක්‌ පමණ පෙබරවාරි මස මුල් සතියේදී ආපසු එම ඉඩම්වල අයිතිකරුවන් වෙත භාරදීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.

මන්නාරම, කිළිනොච්චිය, මුලතිව් හා යාපනය යන දිස්‌ත්‍රික්‌කවල පිහිටි මෙම ඉඩම් මෙතෙක්‌ නිදහස්‌ කිරීමට ප්‍රමාද වූයේ යුද හමුදාවට විකල්ප ඉඩම් සොයා ගැනීමට කාලය ගතවීම නිසා බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කොට තිබේ.

යුද හමුදාව ඉවත්වන ඉඩම් මුලින්ම ඒ ඒ දිස්‌ත්‍රික්‌කවල දිසාපතිවරුන් වෙත භාර දෙන අතර ඉන් පසුව එම නිලධාරීන් විසින් ඉඩම්වල අයිතිකරුවන් සොයා බාරදීමට නියමිතය.

යුද හමුදාව මෙම ඉඩම් උත්සවශ්‍රීයෙන් යුතුව දිසාපතිවරුන්ට බාරදීමට මේ දිනවල කටයුතු සූදානම් කරගෙන යයි.

-දිවයින

Related posts

සාකච්ඡා අසාර්ථකයි, දුම්රිය වර්ජනය දිගටම !

colombotoday

පිටරටින් හොයන තුරු නොසිට, කොරෝනා වෛරසයට අපේ ක්‍රමයට ප්‍රතිකාර හොයන්නැයි ජනපතිගෙන් උපදෙස් !

colombotoday

වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් සති දෙකක් ඇතුළේ

colombotoday

ලබන සුුඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ !

colombotoday

සියලුම වර්ගවල ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගන්නැයි පරිසර ඇමතිගෙන් උපදෙස්

colombotoday

නුවරඑළියේ ජනතාවත් පාරට බසී

colombotoday