Colombo Today Local News

අමානුෂික මුස්ලිම් විවාහ නීතිය සංශෝධනයට නිර්දේශ ඉදිරිපත් කෙරේ

මෙරට මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කරන ලද කමිටුවේ වාර්තාව ඊයේ (22) අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය වෙත බාර දී තිබේ.

2009 වසරේ හිටපු අධිකරණ අමාත්‍යවරයා විසින් සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමත්විත එම කමිටුව පත් කර තිබූ අතර අදාළ කමිටු වාර්තාව කඩිනමින් ලබාදිමට කටයුතු කරන ලෙස පසුගියදා වත්මන් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය කමිටු නිළධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

කමිටුව විසින් මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියේ අඩංගු බොහෝ කරුණු පිළිබඳ අවධානය යොමු කර ඇති අතර විවාහ වන වයස් සීමාව සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කර ඇති බව සඳහන්ය.

මෙරට ක්‍රියාත්මක වන මුස්ලිම් විවාහ නීතිය අමානුෂික එකක් බැවින් එය වහා සංශෝධනය කරන්නැයි ජී.එස්.පී. බදු සහනය අනුමත කිරීම සදහා යුරෝප සංගමයෙන් කොන්දේසියක් ඉදිරිපත්ව තිබිණි.

වයස 13ට අඩු දැරියන් පවා විවාහ කරගැනීමට අවසර ලැබෙන මුස්ලිම් විවාහ නීතියට අත නොතබන්නැයි බල කරමින් ඉස්ලාමීය අන්තවාදී සංවිධානවලින් දැඩි විරෝධයක් එල්ල විය.

Related posts

මහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්

colombotoday

කිසිම ත‍්‍රස්තවාදියකුට නිදැල්ලේ සිටීමට ඉඩ දෙන්නේ නෑ – යුද හමුදාපති

colombotoday

ජයග්‍රහණය වෙනස්ම විදිහකට සැමරූ මතුගම පොහොට්ටුවේ අපේක්ෂකයා (PHOTO)

colombotoday

සේනා දළඹුවා අල්ලන්න එංගලන්තයෙන් උගුල් 20000ක් ගෙන්වයි…

colombotoday

සජිත් හිටපු තැනටම… රනිල් තීරණය කරයි !

colombotoday

මහාචාර්යය ප්‍රතිභා මහානාමහේවා මහතාට දෙහිවලදී තර්ජන

colombotoday