ArticlesColombo Today Local News

ඇමරිකාවෙ විරෝධය නොතකා ඊශ්‍රායලය අපට දුන් “සිංහ පෝතකයා ” කෆීර්.. සටන් බිමේ අභිමානවත් සටන්කරුවා !

පසුගිය කාලයේදී කෆිර් යානා යන්න ප්‍රවෘත්ති මාධ්‍යයන්හි නිතර අසන්නට ලැබුනි. කෆීර් සටන් බිමේ අභිමානවත් සටන්කරුවාය. ගුවනෙ රහස් ප්‍රහාරකයාය. සිව් වන ඊලම් යුද්දයේදි මේ යනා කල කාර්ය ඉතා විශාලය.

කටුනායකින් ගුවන්ගත වී විනාඩි 20 ක කාලයක් තුල කිලිනොච්චියේ ඉලක්ක වෙත ලගා වෙමින් ප්‍රහාර එල්ල කිරීමට කෆීර් යානවන් වේගවත් විය. සටන් බිම පුරා රැදවුම් මාධයස්ථාන නියත ඉලක්කයට ඉතාමත් නිවැරදිව ඉලක්ක ගෙන ප්‍රහාර එල්ල කිරීමට ඒවා සමත් විය. මෙම යනා අයත් වනුයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 10 වන ප්‍රහාරක ජෙට් බලගනයටය. එම කටයුතු කටුනායක පිහිටි ගුවන් හමුදා සේවා ස්ථානයේන් මෙහෙයුම් සිදු කරයි.

හීබෲ බසින් කෆීර් යන්න තේරුම “සිංහ පෝතකයා “යි. කෆීර් යානා අප මිලදී ගනු ලැබුවේ ඊශ්‍රායලයනි. Isreal Aircraft Industries එහි නිමැවුම්කරු වන අතර කෆීර් යානා 220 කට වැඩි ගණනාවක් එහි නිපදවා තිබේ. මේ යානා ඊශ්‍රායල් ගුවන් හමුදාවට එක්වුයේ 1976 දීය. 1977 නොවැම්බර් 9 ලෙබනනයේ ත්‍රස්තවාදී පුහුනු කදවුරකට පහර දීමෙන් කෆීර් යානා මුල් වරට යුද්ධ මෙහෙයුම්වලට එක්විය. වසර 20 ක පමණ කාලයක සේවයකින් පසුව 1996 දී ඊශ්‍රායල ගුවන් හමුදාවේන් කෆීර් ප්‍රහාරක යාන,ඉවත් විය.

සාමාන්‍යයෙන් කෆීර් යානයක ගමන් කල හැක්කේ නියමුවාට පමණකි. මේ යානය තුවක්කු,රොකට් වෙඩි,මිසයිල සහා බෝම්බ යන යුද්ධ උපකරණ වලින් සන්නද්ධය. යානයේ දිග මීටර් 15.65 ක් වන අතර උස මීටර් 4.55 ක් වේ. එහි පියාපත් ආරුක්කුවේ පලල මීටර් 8.22 කි. පැයට කිලෝමීටර් 2440 ක උපරිම වේගයක් එයට ගත හැක. කෆීර් යානයේ 179 ටර්බෝජෙට් එන්ජිම ඇමරිකාවේ නිශ්පාදනය කරන්නකි. යානය ඇතුලත ඇමරිකානු තාක්ෂණය යොදාගෙන තිබේ. ඊශ්‍රායලය එක්සත් ජනපදයේ බලපත්‍රයකට යටත්ව එම ඇමරිකානු තාක්ෂණයන් යොදා ගනී. ඊශ්‍රායලය කෆීර් යානා විදේශිකයන්ට විකිණීමේදී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය ලබා තිබිය යුතුය. එම නිසා මෙම යානා විදේශිකයන්ට විකිණීම තරමක් සීමා වී තිබේ. සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4.5 ක සිට අදි තාක්ෂණික උපකරණ සහිතව ඇමරිකානු ඩොලර් මිලියන 7 දක්වා ගණන්වලට කෆීර් යානා මිලදී ගැනීමට තිබේ. ශ්‍රී ලංකාවට අමතරව ඉක්වදෝරය හා කොලොම්බියාව කෆීර් යානා මිලදී ගැනීමට තිබේ. එක්සත් ජනපදයේ නාවික හමුදාව බද්දට ගත් කෆීර් යානා කාලයක් තිස්සේ ප්‍රයොජනයට ගත් අතර අද ඒවා සේවයෙන් මුදා හැර තිබේ. එක්සත් ජනපදයේ හමුදාවට සේවය සැපයු ATAC සිවිල් ගුවන් සමාගම ද කලක් කෆීර් යානා පාවිච්චියට ගෙන තිබුනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඊශ්‍රායලයේ නිෂ්පාදිත කෆීර් ප්‍රහාරක යානා දෙකක්‌ අහසේදී ගැටීමෙන් එම යානා කඩා වැටීමේ සිද්ධියක් පෙර අපට වාර්තා විය. කොටි නායක ප්‍රභාකරන් බරපතල ප්‍රශ්නයකට මුහුණපෑවේ මේ කෆීර් යානා නිසාය. 1996 ජනවාරි 5 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මුලින්ම කෆීර් යානා හයක්‌ මිලයට ගන්නා ලදී. 2002 දී තවත් කෆීර් යානා අවශ්‍ය විය. අධිතාක්‍ෂණික පරිගණක පද්ධතියකින් යුත් කෆීර් යානාවලට කොටින් එල්ල කළ මිසයිල ප්‍රහාර කීපයකින් එම යානා බිමට දැමීමට කොටි නායකත්වය කළ උත්සාහයද ව්‍යර්ථ විය.

1996 දී මේ ප්‍රහාරක යානා ශ්‍රී ලංකාවට අලෙවි කිරීම ගැන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊශ්‍රායලයට දොස්‌ නඟනු ලැබීය. ඊට හේතු වූයේ මේ යානාවල තිබූ එන්ජිම ඇමරිකාවේ ජෙනරල් ඉලෙක්ට්‍රික්‌ ආයතනය නිපදවූ එන්ජිමය. එහෙත් ඊශ්‍රායල් රජය ඒ කෙරෙහි තැකීමක්‌ කළේ නැත. 2008,2009 වන්නි මෙහෙයුමේදී කෆීර් ප්‍රහාරක යානාවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා ප්‍රභාකරන් විසින් ඇමරිකාවේ මයික්‍රොසොෆ්ට්‌ ආයතනයේ පරිගණක සිසුවකු ලෙස කටයුතු කළ කොටි ඒජන්තවරයකු වූ තිරුවානාකරසු ලවා එස්‌. ඒ. 14 ඉස්‌ලා මිසයිල ලබාගැනීමට ගත් උත්සාහයද අසාර්ථක විය.

“කෆීර් නිසා අපි බරපතල ප්‍රශ්නයකට මුහුණපා ඇත්තෙමු” යෑයි ප්‍රභාකරන් විසින් කැනඩාවේ ලෝක ද්‍රවිඩ සංවිධානයට යවා තිබූ ලිපියක්‌ද කැනඩා රහස්‌ පොලිසිය විසින් සොයාගෙන තිබිණි. එමෙන්ම පොලව යට බංකර් තුල සැගව සිටි කොටි නායකයින් බර ගණනක් මරු තුරුලට යැවුවේ කෆීර් විසින් එල්ල කල දැවැන්ත බංකර් බස්ටර් බෝම්බ ප්‍රහාර වලිනි. කිලෝග්‍රෑම් 11603 ක්‌ බරක්‌ ගෙන යා හැකි කෆීර් ප්‍රහාරක යානාවකට පැයකට කිලෝ මීටර් 2440 ක වේගයෙන් යා හැකිය. එසේම කිලෝ 5775 බරැති බෝම්බද ගෙනයාමේ පහසුකම් ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 10 වැනි ප්‍රහාරක බළගණයට අයත් කෆීර් යානාවලින් පහක්‌ විනාශ වූයේ විවිධාකාරී හේතූන් නිසාය. කොටින්ට එරෙහි මෙහෙයුම්වලදී කිසිදු කෆීර් යානාවක්‌ විනාශ වූයේ නැත.

ඊශ්‍රායල් එයාර් ක්‍රාෆ්ට්‌ ඉන්ඩස්‌ට්‍රීස්‌ සමාගම මගින් නිපදවන කෆීර් යානා භාවිත කරන ලොව රටවල් හතරෙන් එකක්‌ වන්නේ ශ්‍රී ලංකාවයි.

Shyam Don – fb

Related posts

ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වෙලා – ”වැටත් නියරත් ගොම් කා නම් කාට කියමි ඒ කතාව” – ජනපති කියයි

colombotoday

පුංචි ඡන්දෙට ස්වාධීන කණ්ඩායම් 10ක්, පක්ෂ 4ක් ඇප තියයි

Admin

කුකුළු මස් මිල තවත් ඉහළට

colombotoday

අත්හිටවූ බස්නාහිර පළාත් වාර පරීක්ෂණ යළි පැවැත්වීමට නියමිතව ඇත

Admin

හිටපු කොටි 31ක් අද නිදහස්, තවත් 32ක් ඉදිරියේදී නිදහස්, ඉතිරි අයටත් උපරිම සහන – රජය නිවේදනය කරයි

colombotoday

විග්නේෂ්වරන් – සම්බන්ධන්, ආණ්ඩුකාරයාගේ තටු කපා විධායක බලතල පළාත්සභාවට ඉල්ලයි

colombotoday