Colombo Today Local NewsHot News

මහ සිලු මහතිස් රජුගෙන් පසුව සිංහල ඉතිහාසයේ දෙවන වරට බොදු බල සේනාවෙන් හැට දහසක චීවර පුජාවක්

යුගයේ අසිරිමත්ම පින්කම ලෙස සැට දහසක් සිවුරු පූජාකොට, ආධ්‍යාත්මික ප්‍රවේශයක් ඔස්සේ උප නූපන් දරු පරපුර වෙනුවෙන් යුතුකම් මෙහෙවර සම්පූර්ණ කිරිමට බොදු බල සේනා සංවිධානය විසින් සංවිධානය කෙරෙනු ලබන සංඝානුභාවේන මහා පින්කම සඳහා ආරාධනා කිරීම (19) සිකුරාදා දින මහනුවරදී සිදුවිය. මේසඳහා බොදු බල සේනා නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු බොදු බල සේනා නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේලා පිරිසක් සහ ගිහි පිරිසක් සහභාගී විය.

එදින පහත සඳහන් මහනායක හිමිවරුන්ට සහ නායක හිමිවරුන් වහන්සේලා වෙත අරාධනා කිරීම සිදුවිය…


1. ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක, අති ගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඥ්ඥානන්ද ඥාණරතන මහා නායක ස්වාමීන් වහන්සේ,

2. ශ්‍රී ලංකා අමරපුර සංඝසභාවේ උත්තරීතර මහනායක අති ගෞරවාර්හකොටුගොඩ ධම්මාවාස මහානායක හිමිපාණන් වහන්සේ,

3. ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ මහනායක අති ගෞරවාර්හ නාපාන ප්‍රේමසිරි මහනායක හිමිපාණන් වහන්සේ,

4. ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අස්‌ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ,

5. අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අස්ගිරිය ශ්‍රී චන්දානන්ද බෞද්ධ විදුහලේ විදුහල්පති ආචාර්ය ගොඩගම ශ්‍රී මංගල හිමිපාණන් වහන්සේ,

6. ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අස්‌ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අස්ගිරි මහා විහාර පිරිවෙනේ පරිවේණාධිපති නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ,



මෙම පිංකම පිලිබදව බොදු බල සේනා සංවිධානය මාධ්‍ය වෙත් යොමු කරන ලද විස්තරය පහතින්…

සංඝානුභාවේන
සංගායනාවට කාලයයි
ජාතියේ චීවර පූජාව
ශාසනාභිවෘද්ධිය උදෙසාවූ සම්මා වායාමය

2018 මැයි මස 19 වැනි ශනි  දින අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේ.

මාතෘ භූමියේ අදීනත්වය හා භෞමික අඛණ්ඩතාවය පිණිස වසර දහස් ගණනක් තිස්සේ අපේ වීරෝධාර රණවිරුවන් තම ප්‍රාණය පූජා කළේ ස්ව අභිමානය සහ මතු පරපුර කෙරෙහි අපරිමිත ආදර දයාවෙනි.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථරිතිය පිණිසත් අතීත, වර්තමාන, අනාගත කාලත්‍රයට අදාළ අපේ දූ පුතුන්ගේ නිවන උදෙසා ඔවූහු තම නිවන පරිත්‍යාග කළෝය. එය බෝධිසත්වයෙකු විසින් තම ජනයා සුරැකීම පිණිස සිදු කරන අපරිමිත පරිත්‍යාගයකි. පාරමිතාවකි.

රටට, දැයට, සමයට විපත් පැමිණෙන හැම විටෙකම අපේ පෙර රජ දරුවන් භික්ෂූන් වහන්සේලා සාමග්‍රියෙහි පිහිටුවා, ඒ ශක්තිමත් ආධ්‍යාත්මික පදනම මත සිට දැයත් සසුනත් ඉහළට ඔසවා තැබීය.
ඒ පූර්වාදර්ශය අනුව යමින් අප යුගයේ අසිරිමත්ම පින්කම ලෙස සැට දහසක් සිවුරු පූජාකොට, ආධ්‍යාත්මික ප්‍රවේශයක් ඔස්සේ උප නූපන් දරු පරපුර වෙනුවෙන් යුතුකම් මෙහෙවර සම්පූර්ණ කිරිමට මේ මහා පින්කම සංවිධානය කෙරේ.

මහ සිලු  මහතිස්       නිරිදා
සඟ සැට දහසකට        එදා
සැට දහසක් සිවුරු        පුදා
කළ පින්කම සිතනු   සොදා

තරුණ තරුණයන් 60000 ක් සහභාගිවේ. එක් අයෙකුට එක් සිවුරක්.

තිස් වසක් අප භීතියට පත්කළ ම්ලෙච්ඡ ත්‍රස්තවාදය හා බෙදුම්වාදය පරදවා සෑම ජන කොටසකටම නිදහස සාමය උදාකරමින් ජීවිත පූජා කළ රණවිරුවන්ට පින්දීම.

රටේ නිදහස, අභිමානය පිණිස දිවි දී රට ආරක්ෂා කළ, වැව් අමුණු කරවූ දේශය ශිෂ්ඨාචාරවත් කළ,  මහ දාගැබ් තනවා ජාතියේ අභිමානය රැන්දූ පෙර රජවරු සහ ඇමතිවරු, රණශූර මී මුතුන්ට පින් දීමත්.

වසර 498 ක කාලය තුළ ජාතික විමුක්ති අරගලයට පණ පොවා එහිදී මියගිය සැමට පින් දීමත්.

වසර 70 ක කාලය තුළ අභ්‍යන්තර කැරලි කෝලාහල නිසා ජීවිත අහිමිවූ සිංහල, දමිළ, මැලේ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සැමටත්, ස්වභාවික විපත් හා හදිසි අනතුරුවලින් මියගිය සැමට පින් දීමත්.

ස්වභාවික විපත්, සතුරු පීඩා, සතුරු ආක්‍රමණ නිසා කිසිදු විපත්තියක් සිදු නොවේවා කියා  ප්‍රාර්ථනා කිරීමත්.

දේශයේ ඒකීයත්වය ආරක්ෂා කිරීම උදෙසා ජාති භේද රහිතව සියලු ජන කොටස් මතවාදීව  පෙළ ගස්වමින් සිංහල භික්ෂු වංශය නගා සිටුවීමට අවශ්‍ය වැඩපිළිවෙළ “සංගායනාවට කාලයයි” නමින් ඉදිරිපත් කිරීම.

බොදු බල සේනා මාධ්‍ය අංශය,
0766880030

Related posts

දූෂණ විරෝධී පනත සංශෝධන සහිතව සම්මත වෙයි

Admin

බන්ධනාගාර කිහිපයකට යළිත් STF ආරක්ෂාව

colombotoday

රමළාන් දින දේශනා පැවැත්වීමට තබ්ලිග් පුජකයන් තෝරාගෙන. | සාම්ප්‍රධායික මුස්ලිම්වරුන් විරෝධය දක්වයි.

colombotoday

20ට එරෙහි පෙත්සම නාගහනන්ද කොඩිතුවක්කු ඉල්ලා අස්කර ගනී

colombotoday

රාජිත රකින්නේ කවුද? සුදත්ත හිමිගෙන් හෙළිදරව්වක්. 2015දී වගේ 2019දීත් අපිට වැරදුනා ?

colombotoday

පුංචි ඡන්දයේ වියදම් සීමා ගැන අපේක්ෂකයින් දැනුවත් කරන්න විශේෂ වැඩසටහනක්

Admin