Colombo Today Local News

ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගයේ යෝජනා කෙටුම්පත කතානායකට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංශෝධනය සඳහා යෝජනා ඇතුළත් කෙටුම්පත සමගි ජන බලවේගය අද (21)දින කතානායකවරයා වෙත භාර දී තිබේ.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී අදාළ කෙටුම්පත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත භාරදී ඇති අතර ඉන් අනතුරුව එම කෙටුම්පත කතානායකවරයා වෙත භාර දී ඇත.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, සංවරණ හා තුලන ක්‍රමවේදයට අදාළව ත්‍රිපාර්ශව බලය බෙදාහැරීම අදාළ සංශෝධනය, 20 වෙනි සංශෝධනය ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම, ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ රැසකින් එම කෙටුම්පත සමන්විත බව සඳහන් ය.

Related posts

මුස්ලිම් පල්ලියට බෝම්බ ගැසුවා කියා අත්අඩංගුවට ගත් දෙදෙනා නිදොස්කොට නිදහස්.. බොරු චෝදනා කළැයි පොලීසියට අධිකරණයෙන් කුණු බැණුම්

colombotoday

මේ වසරේදී අලුතින් පූජා භූමි 26ක් ගැසට් කරන්න සැලසුම්

Admin

ගෝඨාභයට එරෙහිව ශ්‍රීලංකා රජය ඇමරිකාවේ චෝදනා ගොණුකරයි…!

colombotoday

රජයට එරෙහි ත්‍රස්තවාදීන්ගේ පැමිණිලි විභාගයට ජාත්‍යන්තර අධිකරණයක් ඕනෑමයි – සුමන්තිරන් යලි තප්පුලයි

colombotoday

මාතලේ – මහනුවර දුම්රිය මාර්ගය ලබන 18 සිට වැසේ

Admin

ශ්‍රීලනිප කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වය දයාසිරිට…

colombotoday