Colombo Today Local News

රාජිත, චම්පික කැබිනට්ටුවේදී මංගල සමග ගැටෙති

මත්පැන් අලෙවිසැල්වල කාන්තාවන් සේවය කිරීම සහ කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීමේ නීති රීති ළිහිල් කිරීම සම්බන්ධයෙන් ඊයේ (16) පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රබල ඇමතිවරුන් තිදෙනකු මත ගැටුමකට මැදිවී තිබේ.

ඇමතිවරුන් වන දොස්තර රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක දෙදෙනා මෙම නීතිරීති ළිහිල් කිරීමට තදින් විරෝධය පළකර තිබේ.

මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීමට හා මත්පැන් මිලදී ගැනීමට කාන්තාවන්ට පනවා තිබූ තහනම ඉවත් කළේ කාන්තාවන්ට කියා වෙනම නීතියක් පනවා තිබීම සාධාරණ නොවන නිසා බව මුදල් ඇමති මංගල සමරවීර මහතා එහිදී කියා ඇත.

මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට හා මත්පැන් අලෙවිසැල් විවෘතව තබන වේලාව දීර්ඝ කිරීමට නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ද කැබිනට් මණ්ඩලය හෙට (16) තීරණය කළේය. මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද ඉකුත්දා විරෝධය පළකර තිබිණි.

Related posts

සයිටම් ගැන ජනපතිගේ අවසන් තීරණය සඳුදා !

colombotoday

වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවතට

colombotoday

ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

රාජිත, චම්පික, අර්ජුනගේ පැමිණිල්ලෙන් ඇවන්ගාඩ් නිශ්ශංක හිර ගෙදරට ???

colombotoday

ඉරිදා සහ පෝයදා ටියුෂන් නවත්වන්න කැබිනට් පත්‍රිකාවක්

colombotoday

දිස්ත්‍රික්ක 5ක මැතිවරණ පෙරහුරු වැඩසටහන් කිහිපයක් අද

colombotoday