Colombo Today Local News

ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ හුවමාරු මාධ්‍යස්ථානයක් වෙලා – ඇමති සාගල

ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම මැඩලීමට මැලේසියාවේ සහාය හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස යොදා ගනිමින් ඇති බව නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක පිළිගනියි.

ඇමතිවරයා එම පිළිගැනීම සිදුකළේ පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් 2016 දෙසැම්බර් 9 වැනිදා අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 928යි ග්‍රෑම් 229ක ප්‍රමාණයක් අද (ජනවාරි 15) කටුනායක ආයෝජන කලාප පරිශ්‍රයේදී ප්‍රසිද්ධියේ විනාශ කිරීමේ අවස්ථාවට එක්ව සිටියදීය.

විනාශ කළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 16.7ක් බව නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක පවසයි.

“2015 සිට 2017 දක්වා අපි අත්අඩංගුවට ගත්ත කුඩා සහ විශාල මත්ද්‍රව්‍ය තොගවල වටිනාකම රුපියල් බිලියන 34.5ක් හෝ34.7ක් වෙනවා. එය අවුරුද්දක පොලිස් වැය ශීර්ෂයෙන් භාගයක් තරම් ” අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙතරම් විශාල මත්ද්‍රව්‍ය තොග හමුවීම මගින් ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස යොදාගැනීමක් ලෙස හැඳින්විය හැකිදැයි විමසු විට ඇමතිවරයා පැවසුවේ “අපිව හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස යොදා ගන්නවා, නමුත් යම් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළත් බෙදා හරිනවා. ඒක කඩන්න අපි විශාල සටනක් කරනවා” ඇමතිවරයා පවසයි.

වැරදිකරුවන් නැහැ:

ඉහත කී පරිදි විනාශ කරන ලද කොකේන් තොගය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.

කොකේන් තොගය ඉක්වදෝරයේ සිට ඉන්දියාව බලා යන නැවක් තුළ වූ කන්ටේනරයක තිබියදී ලද ඔත්තුවක් අනුව 2016 වසරේ අත්අඩංගුවට ගන්නා ලද බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

මෙපරිද්දෙන් බ්‍රසීලයේ සිට ආනයනය කරන ලද සීනි තොග සමඟ කොකේන් විශාල ප්‍රමාණයක් පසුගිය කාලයේ ශ්‍රී ලංකාව තුළට පැමිණ තිබුණි.

(බීබීසී සිංහල සේවය)

Related posts

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දියානු ජාතික කාන්තාවකට රැඳවුම් මධ්‍යස්ථානයකදී පහරදීමක්

colombotoday

නගරබද විහාරස්ථාන වලින් ලංවිමට මිලියන 29ක් පොලු – මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් හෙළිදරව්වක්

colombotoday

ඊලෝන් මස්ක් පසුකල ජෙෆ් බේසොස්

Admin

අසාද් සාලි මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

පාස්කු කොමිසම පරීක්ෂණයක් පැවැත්වීමට නිර්දේශ කල මරාගෙන මැරුණු ජමීල්ගේ මාමාව ඇමති කෙහෙළිය ගුවන් විදුලි සංස්ථාට පත්කරලා.

colombotoday

මහින්ද පිළේ 15ක් ආණ්ඩුවට එකතු වෙන්න කැමැත්ත පළකරා – රාජිත

colombotoday