Colombo Today Local News

පාලන මිල ඉක්මවා සහල් – සීනි අලෙවි කල හතරකට නඩු

රජයේ පාලන මිල ඉක්මවා සහල් සහ සීනි අලෙවි කරනු ලබන බවට ලද පාරිභෝගික පැමිණිලි මත ගම්පහ අවට වැටලීම් සිදු කළ පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් වෙළඳුන් සිව් දෙනෙකුට නඩු පැවරීමට පියවර ගෙන ඇත.

රුපියල් 122 කට අලෙවි කළ යුතු සුදු සීනි කිලෝවක් රුපියල් 160 ක මිලකටත් , රුපියල් 98 කට අලෙවි කළ යුතු නාඩු සහල් කිලෝවක් රුපියල් 120 ක මිලකටත් අලෙවි කිරීම මත මෙම වෙළඳුන්ට නීතිමය පියවර ගනු ලැබූ බව දිස්ත්‍රික් විමර්ශන ඒකක ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා පවසයි.

මෙම වැටලීමේදී අත්අඩංගුවට පත් වෙළඳසල් හිමිකරුවන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට යටත්ව බැදුම්කර ඇපමත මුදාහැර තිබේ.

සමූපාකාර සේවා හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ ගම්පහ දිසාපති සුනිල් ජයලත් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි සිදු කරන ලද මෙම වැටලීම් සදහා දිස්ත්‍රික් විමර්ශන ඒකක ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතාගේ මෙහෙයවීම මත විමර්ශන නිලධාරීන් වන දිලීප කරුණාරත්න, කෝසල රංගනාත්, සී.අයි.පී.කන්දගේ, එච්.කේ.රවිදු, හෂාන් කළුබෝවිල, ඩබ්ලිව්. එච්.දයානන්ද යන මහත්වරුන් ක්‍රියා කොට ඇත.

Related posts

පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් සමග හිටපු කොටි නායකයෙක් අත්අඩංගුවට

colombotoday

අජිත් ප්‍රසන්න වහා නිදහස් කරන්නැයි රණවිරුවෝ වීදි බසිති.

colombotoday

ජවිපෙ හා දෙමල සන්ධානය සමග එක් වන්නේ නෑ – රවුෆ් හකීම්

colombotoday

ආණ්ඩුවේ ඩෙඟා නැටිල්ලෙන් ජාතික ආරක්ෂාවට කණ කොකා හඩන හැටි !

colombotoday

වසර 5කට ආදායම් බදු නිදහස්… බදු අනුපාත 28% සිට 14%දක්වා පහතට… අලුත් ආණ්ඩුවෙන් කෘෂි ක්ෂේත්‍රයට දුන් සහන මෙන්න..

colombotoday

හදිසි නීතියට එරෙහිව NGO දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

colombotoday