Colombo Today Local News

“ඉන්දන නොමැති බවට පළවෙන ප්‍රචාර අසත්‍යක්”

මෙරට පෙට්‍රල් නොමැති බවට පළවෙන ප්‍රචාර අසත්‍ය බවත් දිවයිනම ආවරණය වන පරිදි ඉන්ධන පිරවුම්හල් එක්දහස් දෙසිය විසි දෙකටම අවශ්‍ය පෙට්‍රල් ලබාදී ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසයි.

මෙම මාසයේ ගෙවී ගිය දින එකොළහට පමණක් එක් දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් හාරදහස් දෙසීයක් බැගින් නිකුත් කළ බව ඔහු පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනතාව අනවශ්‍ය ආකාරයට පෝලීම් නිර්මාණය කරගැනීමට යාම නිසා පෙට්‍රල් නොමැති බවට රාවයන් පැතිරෙන නමුත් අවශ්‍ය ප්‍රමාණයට පෙට්‍රල් සංචිත තිබෙන බවයි. ඒ පිළිබඳ තමන් වගකීමෙන් පවසන බවද සභාපතිවරයා කියයි.

ඊයේ (11)දින මේ සම්බන්ධයෙන් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වා සිටි හෙතම වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

‘‘අප්‍රේල් මාසය සඳහා ආනයනය කළ සියලුම ඉන්ධන තොග මේ වන විට ලැබෙමින් පවතිනවා. මේ මාසයට විතරක් අපි ඩීසල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැටපන්දහසක් ආනයනය කරන්න කටයුතු කරලා තියනවා ඒ වගේම පෙට්‍රල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ හතළිස්දහසක් ගෙන්වන්න කටයුතු කරලා තියනවා. දැනට අපිට ආනයනය කරලා තියන ඉන්ධන තොග දෙකයි ගෙවලා ලබාගන්න තියෙන්නේ. කොලොන්නාව සහ මුතුරාජවෙල යන ගබඩාවලට තමයි මේ ගොඩබෑම වෙන්නේ.’’

Related posts

බස් ධාවනය නොවිමෙන් මගිහූ යකා නටති. – හැටන් බස් නැවතුම්පොලේ පාලනය මගින් අතට.

colombotoday

ප්‍රදේශ 29 ක හුදකලාබව ඉවතට

colombotoday

සජිත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්? යහපාලන නිවාස අමාත්‍යංශයේ වංචා තොග ගණන් හෙලිවේ. කිහිප දෙනෙකු අත්අඩංගුවට..

colombotoday

ඒලියන්ත වයිට් විශ්ව බලයෙන් කොරෝනා පරද්දන්න යයි. | මැති ඇමතිවරු පැන් කළ ගංගාවලට මුදාහරී..

colombotoday

මංගල සාදයේදී තරුණයෙක් ඇද වැටී මරුට

colombotoday

“සීගිරිය බලකොටුවක් නෙමේ ලෙෂර් පාර්ක් එකක්”

colombotoday