Colombo Today Local News

රුවන්වැලි සෑයේ රුව මස් කඩේ කැලැන්ඩරයට දැමූ මොහොමඩ් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

බෞද්ධ ජනතාවගේ වන්දනාවට පාත‍්‍ර ප‍්‍රධාන විහාරසථානයක් මාංශ ව්‍යාපාරික ස්ථානයක ප‍්‍රචාරක කටයුතුවලට යොදා ගැනීමේ චෝදනාවට වරදකරුවන් වූ පුද්ගලයෝ තිදෙනෙක් මේ මස (27දා) තෙක් රිමාන්ඞ් භාරයේ තබන ලෙස රත්නපුර වැඩබලන මහේස්ත‍්‍රාත් ප‍්‍රියංකා ගුණවර්ණසූරිය මහත්මිය පෙරේදා ( 24දා) නියෝග කළාය.

රත්නපුර පුලූගුපිටිය ප‍්‍රදේශයේ කුකුලු මස් අලෙවි කරන වෙළඳසැලක ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන කුරුණෑගල කැකුණගොල්ල, ගාල්ලගම ලිපිනයේ පදිංචි මොහොමඩ් නිලාම් සහ මොහොමඩ් රින්සාන් යන දෙසොයුරන් සහ කුරුණෑගල අනුර ප‍්‍රින්ටස් නම් ආයතනයේ කළමනාකරු බව සඳහන් සනත් යන තිදෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

පළමු සැකකරුවන් දෙදෙනා කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මාස කිහිපයකට පෙර ඔවුන් රත්නපුරේ පුලූගුපිටිය ප‍්‍රදේශයෙන් වෙළඳසැලක් කුලියට ගෙන කුකුල් මස් වෙළෙඳසැලක් අරඹා තිබේ. මීට දින කිහිපයකට පෙර එම වෙළෙඳසැලෙන් කුකුලු මස් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට රුවන්වැලි මහ සෑයේ පිංතූරය සහිත නව වසරට නියමිත කැලැන්ඩරයක් ද ලබාදි තිබේ.

බෞද්ධ ජනතාවගේ වන්දනාවට පාත‍්‍ර ප‍්‍රධාන විහාරසථානයක් මාංශ ව්‍යාපාරික ස්ථානයක ප‍්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම ගැන ප‍්‍රදේශයේ මහා සංඝරත්නය සහ ජනතාව රත්නපුර පොලීසියට කළ දැනුම්දීමක් මත එම ස්ථානයේ තිබී එවැනි කැලැන්ඩර් පනහක් ද සොයා ගෙන තිබේ.

පසුව ඒවා මුද්‍රණය කළ මුද්‍රාණායතනයේ කළමනාකරු බව කියන පුද්ගලයා ද සමග මාංශ සමග ඒවා බොදුන් ව්‍යාපාරිකයන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන වැඩබලන මහේස්ත‍්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීය.

අජිතලාල් ශාන්ත උදය

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ලංකාවට එවු කෝටි 60ක බඩු මුහුදේදී ගිනි අරන්

colombotoday

දකුණ, කටුනායක, පිටරවුම් අධිවේගී මාර්ග තුනම චීනයට විකිණේ.. කැබිනට් පත්‍රිකාව මේ සතියේ

colombotoday

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාහ් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාරදෙයි

colombotoday

රජය පවත්වාගෙන යාම ගැන එජාපයේ තීරණය මෙන්න

colombotoday

සම්බන්ධන් නව අගමැති මහින්ද හමුවේ…

colombotoday

‘මක්කම යනවා කියා ගිය මුස්ලිම් 36ක් සිරියාවට ගිහින්.. පිරිසක් ISIS ත්‍රස්තයන්ට එක්වෙලා’ – ආරක්ෂක ලේකම්

colombotoday