Colombo Today Local News

කොවිඩ් කාඩ්පත්වල වලංගු බව සොයා බැලීමට තීරණයක්

ව්‍යාජ ලෙස සකස් කළ කොවිඩ් එන්නත් කාඩ්පත් ඇතැම් පිරිස් සතුව ඇති බැවින් කාඩ්පත්වල වලංගු බව සම්බන්ධයෙන් සොයා බැලීමට කොවිඩ් මර්දන කාර්ය සාධක බළකාය තීරණය කර ඇත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම සේවා නිලධාරී හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමෙන් මේ පිළිබඳ සොයා බැලීමට සැලසුම් කර ඇත. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන කාර්ය සාධක බළකාය පසුගිය සිකුරාදා (01දා) රැස් විය.

පොදු ස්ථානවලට ඇතුළත් වීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමේ තීරණය තවදුරටත් ප්‍රමාද කිරීමට මෙහිදී තීරණය කර ඇත. ඊට හේතු වී ඇත්තේ එන්නත්කරණය සම්බන්ධයෙන් නිවැරදි දත්ත සකස් කිරීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දීමයි.

Related posts

ඉන්දියාවෙන් ගෙන ආ රුපියල් කෝටියක කේරළ ගංජා තොගයක්

colombotoday

මවගේ අනියම් සැමියාගෙන් පහර කෑ තවත් සිගිත්තෙක් මරු තුරුලට යයි

Admin

අද විදුලි කප්පාදුව පැයකින් අඩු වෙයි

colombotoday

ගම්පොල සමූපෙත් මහින්ද පිළට යයි.. මහින්ද පිළ 61යි, එජාපය 22යි, ශ්‍රීලනිපය 0 යි

colombotoday

මුස්ලිම් සංස්කෘතික ලක්ෂණ පැහැදිලි කරන්න සිංහල ජාතිකයන් දෙදෙනෙක්ගෙන් අමුතු ව්‍යාපෘතියක්

colombotoday

පොඩි ලැසී ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

colombotoday