Colombo Today Local Newsකරණම

බදුලු රැලියේදී එජාප ප්‍රබලයෙක් මහින්දගෙ දෙපා වැදි ඒකාබද්ධයට එක් වේ !

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඒකාබද්ධ පොදුජන පෙරමුණ පැවැත්වන රැලි මාලාවේ පළමු රැලිය ඊයේ 04 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල විල්ස් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම රැළියේදී එක්සත් ජාතික පක්‍ෂ ඌව පළාත් සභා මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ඒකාබද්ද විපක්‍ෂය සමග එක් වීම විශේෂ සිදුවීමකි. ඔහු වේදිකාවට ගොඩවී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ දෙපා නමැද ඒකාබද්ද වික්‍ෂය හා එක්විය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ගාමිණි ලොකුගේ, ප‍්‍රසන්න රණතුංග, කෙහෙලිය රඹුක්වැල්ල, එස්.එම්. චන්ද්‍රෙස්න, රෝහිත අබේගුණවර්ධන, අරුන්දික ප‍්‍රනාන්දු ඇතුළු ඒකාබද්ද විඵක්‍ෂයේ මන්ත‍්‍රිවරුන් රැසක් එක්ව සිටියහ.

මෙම රැළියට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විමල් වීරවංශ මහතා, උදය ගම්මන්පිල මහතා සහභාගී නොවීමද විශේෂත්වයකි.

Related posts

සේයා ඝාතන පරීක්ෂණය: පොලිසිය අනාගත්තාද?

colombotoday

අන්තරේ කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

රාජිත සේනාරත්න 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

එජාපයට කොළඹින් එක මන්ත්‍රීධුරයක් නැහැ

colombotoday

ශානිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

කුඩු අල්ලද්දී කුලි වෑන් රියැදුරෙක් හොර සල්ලි එක්ක යුක්තියට කොටු වෙයි

Admin