Colombo Today Local News

දේශපාලනයට ගෑවෙන්න එපා! – යුද හමුදාපතිගෙන් හමුදාවට උපදෙස්

පෞද්ගලිකව තමන් දරණ දේශපාලන මතවාදයක් පැවතියද කිසිදු යුද හමුදා සාමාජිකයෙකු දේශපාලන කටයුතුවල නිරත නොවිය යුතු බව හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඉකුත් 01 දා මුලතිව් ආරක්‍ෂක සේනාංක මූලස්‌ථානයේදී යුද හමුදා සේනාංක අමතමින් ප්‍රකාශ කොට තිබේ.

රටේ ජනතාවගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම යුද හමුදාවේ වගකීම බවත් තමන්ට පැවරී ඇති ආරක්‍ෂක කටයුතු ඉතා නිවැරදිවත් වගකීමකින් යුතුවත් ඉටු කිරීම හැරෙන්නට දේශපාලන කටයුතුවලට මැදිහත් නොවීමට වගබලා ගන්නා ලෙසද යුද හමුදාපතිවරයා මෙහිදී ඉල්ලීමක්‌ කොට තිබේ.

ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කැපවී සිටින යුද හමුදාව විනය ආරක්‍ෂා කර ගනිමින් ප්‍රදේශයේ සියලු ජනතාව සමග ඉතා සුහදව කටයුතු කිරීමත් ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟෙන අන්දමේ කටයුතුවලට දායක වීමමිස දේශපාලන කටයුතුවල නියෑලීමෙන් වළකින ලෙසත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

Related posts

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ භාෂා පරිවර්තක වේලුපිල්ලේ මියයයි

colombotoday

සිය පරාජය පිලිබඳ රහසක් මහින්ද හෙළි කරයි.

colombotoday

අද දිවයින පුරා ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

කූඩුවේ ඉදන් රන්ජන් කථා කරන බඩු මාට්ටු

colombotoday

අයහපත පලවා හැර යහපත කැන්දන, හින්දු බැතිමතුන් අඳුරින් ආලෝකයට පැමිණීම සමරන දීපාවලි උත්සවය අදයි

colombotoday

15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීම : අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුලු 4කට ඇප

colombotoday