Colombo Today Local News

ඊජිප්තු මුස්ලිම් පල්ලියේ ත්‍රස්ත ප්‍රහාරය ගැන ශ්‍රී ලංකා රජය සොව පළ කරයි !

ඊජිප්තුවේ සිනායි පළාතේ මුස්ලිම් පල්ලියක් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී රජය දැඩිව හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඊයේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 225 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

බැතිමතුන් යාඥා කරමින් සිටින අතරතුර කඩා වැදුණු ත්‍රස්තවාදීන් පල්ලිය වෙත බෝම්බ ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමෙන් පසුව පලා යන පිරිස් වෙත වෙඩි ප්‍රහාර එල්ල කර ඇත.

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව ඊජිප්තු ආරක්ෂක අංශ සැක ඵලකරයි.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ සුෆී මුස්ලිම් පල්ලියකට වන අතර, IS ත්‍රස්තවාදීන් නියෝජනය කරන්නේ සුන්නි මුස්ලිම් වර්ගයයි.

Related posts

ගෝඨාභයට එරෙහි නඩුවේ නීතිමය පදනමක් නෑ

colombotoday

අත්අඩංගුවට ගත් කුරුණෑගල ජනප්‍රිය පිරිමි පාසලක සිසුන් තිදෙනෙක් සිරමැදිරියේදී පොලිසියෙන් කුඩු ඉල්ලලා

colombotoday

මෝදර, ලෙල්ලමේ ධීවර බෝට්ටු 7ක් අළු වෙයි

Admin

ෂොපින් බෑග් එකක් අරං ආපු රිෂාඩ් කෝටිපතියෙක් වුණ හැටි

colombotoday

සජබ කොළඹ දිස්ත්‍රික් සංවිධායක එජාපයට එක්වෙයි

Admin

ජනපති අද ලංකාගමට

colombotoday