Colombo Today Local News

වාර්තාවක් තබමින් ජනපති ට්‍රැවිස් සින්නයියා ගෙදර යවයි.. නව නාවික හමුදාපති රියර් අද්මිරාල් රණසිංහ

නව නාවික හමුදාපති වශයෙන් රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

රණසිංහ මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් කටයුතු කළ අතර ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21වැනි නාවික හමුදාපතිවරයා වෙයි.

හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මහතාට සේවා දිගුවක් ලබා දීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු සේවයෙන් ඉවත් වන්නේ ලංකාවේ අඩුම කලක් නාවික හමුදාපති ධුරය දැරූ නිලධාරියා ලෙස වාර්තා අතරට එක්වෙමිනි.

හිටපු නාවික හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබා දීම ප්‍රතික්ෂේප වී ඇත්තේ රුසියාවෙන් මිලදී ගැනීමට සූදානම් වන යුද නෞකා ගණුදෙනුවට ඔහු දැඩි ලෙස විරෝධය පලකිරීම නිසා යැයි මාධ්‍ය වාර්තා පළවී තිබිණි.  එම ගනුදෙනුවට මෙරට ප්‍රකට මධ්‍ය ආයතනයට හිමිකරුවෙක් සහ ජනාධිපතිවරයාගේ බෑණනුවන්ද සම්බන්ධ බවත් ඒ හරහා දැවැන්ත අක්‍රමිකතාවක් සිදුවෙමින් පවතින බවත් එක්සත් ජාතික පක්ෂයට හිතවත් මාධ්‍ය වාර්තා හෙලිකර තිබිණි.

එම වාර්තාව මෙතැනින්

 

Related posts

පසුපෙළ විරෝධය නිසා අය-වැයට පෙර කැබිනට් ඇමැති 2ක් අස් වීමට යයි

colombotoday

ලන්ඩන් ප‍්‍රහාරකයා ශී‍්‍ර ලාංකික සංක්‍රමණිකයෙක්

colombotoday

අසූර් එයාර් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත යළි ගුවන් ගමන් අරඹයි

Admin

නැවේ තෙල් කාන්දු සොයා නාවික හමුදාව කිමිදෙයි.

colombotoday

ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

colombotoday

රටටම කිරි ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා…

colombotoday