Colombo Today Local News

විමල්ට – ගම්මන්පිලට ඒකාබද්ධයෙන් කැපිල්ලක් !!

ඒකාබද්ධ විපක්ෂයේ කටයුතුවලින් විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ හා උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමයේ නියෝජිතයන් ඉවත් කිරීමට සැලසුමක් ක්‍රියාත්මක වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය කටයුතුවලට සම්බන්ධවීමට මෙම පක්ෂ දෙකේ නියෝජිතයින් උත්සාහ ගෙන තිබුණෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් එයට විරෝධය දක්වා තිබේ.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එම පක්ෂ දෙක දරන ස්ථාවරය සම්බන්ධයෙන් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර යළි සමගියක් ඇති කිරීමට දේශපාලන මෙහෙයුමක් ක්‍රියාත්මක අතර එම සාකච්ඡා ආරම්භ වී ඇති බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

– ලක්බිම

Related posts

මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද

colombotoday

21 සම්මත වුනොත් ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් දොට්ට

colombotoday

අද සිට ඖෂධ වර්ග 60ක මිල පහළට

Admin

කොරෝනා වෛරසයට ප්‍රතිශක්තීකරණය ලබාදෙන ඖෂධ 10කට සූත්‍ර කමිටුවේ අනුමැතිය.

colombotoday

“මහින්ද එලවපු නිසා රට යුද්ධයකින් බේරුනා… දැන් විදේශ ආධාර ගලාගෙන එනවා“ – රාජිත

colombotoday

මෝටර් රථයක් තුල පිළිස්සුණු මළ සිරුරක්

colombotoday