Colombo Today Local News

වෛද්‍යවරු සයිටම් අවසන් සටනට සැරසෙයි !

මාලඹේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳව රජය ඉක්මන් විසඳුමක් ලබා නොදු නොහොත් පූර්ව දැනුම් දීමකින් තොරව අඛණ්ඩ වර්ජනයක් සිදු කරන බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අගවයි.
ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය මේ බව කියා සිටියේය.
මේ අතර සයිටම් විශ්වවිද්‍යාලයේ සිසුන් ලියාපදිංචි කරන්නැයි අභියාචනාධිකරණය විසින් තමන්ට ලබා දුන් නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපත් කළ අභියාචනය විභාගයට ගැනීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය. මෙම අභියාචනය ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද විභාගයට ගැනුණි. එහිදී කරුණු අධ්‍යනයෙන් පසු සභාපති විනිසුරුවරයා සදහන් කළේ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර එකගතාවය මත පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන බවයි.
ඒ අනුව පෙත්සම් විභාගය එළඹෙන නොවැම්බර් මස 23 වන දා පැවැත්වෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

Related posts

මරාගෙන මැරෙන බෝම්බ බොට්ටුවක් සොයා ගනී

colombotoday

ඇසිඩ් සමඟ කසිප්පු මාරු වී ගරාජ් බාස් මරුට

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි 5 කට නිදහස

colombotoday

සජිත් එජාප නියෝජ්‍ය නායකත්වයෙනුත් ඉවත් වෙයි

colombotoday

ඉල්ලා අස්වූ ඇමතිවරු වෙනුවට තාවකාලිකව හතර දෙනෙක් පත්කරයි

colombotoday

සමන් රත්නප්‍රිය මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දෙයි

colombotoday