Colombo Today Local News

ලංකාවේ නෑ කියූ රොහින්ග්‍යා සංක්‍රමණිකයන් පිරිසක් ගල්කිස්සෙන් මතුවෙයි (Video)

මුහුදු සීමා උල්ලංඝණය කරමින් නීති විරෝධීව මෙරටට ඇතුළු වූ මියන්මරයේ රොහින්ග්‍යා සංක්‍රමණිකයන් 31 දෙනෙකු හමුවී තිබෙනවා.

භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් අද දහවල් එම ස්ථානයට පැමිණ සෝදිසි කිරීම් සිදුකර තිබෙන අතර, එහිදීයි මෙම පිරිස හමුවී තිබෙන්නේ. එම සංක්‍රමණිකයන් පිරිස වහාම මෙරටින් පිටුවහල් කරන ලෙස ඉල්ලමින් භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස විරෝධතාවයක නිරත වූ අතර අති විශාල පිරිසක් එයට සහභාගී වීමට එම ස්ථානයට පැමිණියා. ඒ හේතුවෙන් ගාලු පාරද මද වේලාවක් අවහිර වී තිබුණා.

කෙසේ වෙතත් පොලිසිය මැදිහත් වී සංක්‍රමණික පිරිස පොලිස් භාරයට ගෙන ඇති අතර, එවැනි පිරිසක් එම ස්ථානයේ රැදී සිටි බව ඒ වන විටද පොලීසිය දැනුවත්ව නොසිටි බව හෙළි විය.

නීති විරෝධීව මෙරටට ඇතුළුවීමට උත්සහා කරමින් සිටියදී ඉකුත් අප්‍රේල් මාසයේ අත්අඩංගුවට පත්වූ මෙම පිරිස මිරිහාන ආගමන රැදවුම්භාරයේ රදවා තිබිණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ඒකකයේ දැනුවත් කිරීම මත එම ස්ථනයේ රැඳී සිටි බවට එම සංක්‍රමණික පිරිස ප්‍රකාශකර තිබෙන අතර, තම කණ්ඩායමට 31 දෙනෙක් ඇතුළත් බව පවසන එම පිරිස 6 දෙනෙකු අද දින පාසල් ගොස් ඇති බවද ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් ආණ්ඩුවේ බලධාරීන් පසුගියා දා පවසා තිබුණේ එවැනි කිසිදු පිරිසක් ශ්‍රී ලංකාවේ නොමැති බවයි.

වීඩියෝ දර්ශන – සිංහලේ ජාතික බලමුළුව

[fbvideo link=”https://www.facebook.com/SJBOFFICIALPAGE/videos/1449198981854592/” width=”500″ height=”400″ onlyvideo=”1″]

[fbvideo link=”https://www.facebook.com/SJBOFFICIALPAGE/videos/1449152618525895/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ ‌යෙදුණු මුස්ලිම් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

colombotoday

ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

Admin

තවත් ආසාදිතයන් 5ක් හමුවෙයි – සමස්ත රෝගීන් ගණන 467ක් දක්වා ඉහලට

colombotoday

උතුම් වප් පුර පොහොය අදයි…

colombotoday

සේවය හැර ගිය සෙබළුන්ට සත් දින සමාකාලයක්

colombotoday

නව ව්‍යවස්ථාව ගැන අන්තර්ජාල ජනමත විමසුමක් එයි !

colombotoday