Colombo Today Local News

ජනපති කොමිසමේ හිටපු ලේකම් ඥානසාර හිමිගෙන් සමාව අයදියි !

කඩුවෙල අධිකරණයේදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ව විවේචනය කරමින් ඉංග්‍රීසි පුවත්පත් කිහිපයක තමන් විසිල් පලකළ ලිපියක් සම්බන්ධයෙන් දැන් තමාට කණගාටුවක් දැනෙන බවත්, ඒ සම්බන්ධයෙන් ඥාණසාර හිමියන්ගෙන් සමාව අයදින බවත්, බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසයි.

ඒ පිළිබදව ලැසිල් ද සිල්වා මහතා තම ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහන පහතින් දැක්වේ.

ලැසිල් ද සිල්වාගේ ලිපිය –  http://dailynews.lk/2016/02/02/features/sri-lanka-cost-lawlessness

ඥාණසාර හිමියන්  (21) අධිකරණයේදී ලබා දුන් සාක්ෂිය

“දකුණු පළාතේ ගාල්ලේ උපත ලැබූ මා පැවිදිවී 1999 වසරේදී උපසම්පදාව ලැබුවා. සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයට අයත් හිමිනමක් ලෙස කටයුතු කරනවා. ශාස්ත්‍රපති උපාධියක් සහ ප්‍රාචීන පණ්ඩිත උපාධිය ලබාගෙන පරිවේණාධිපති හිමිනමක් ලෙස කටයුතු කළා. 2004 සිට ගුරු වෘත්තියෙන් ඉවත්වුණා.”

“ජාතික කටයුතු වෙනුවෙන් කැපවීම සඳහා ජීවිත කාලය පුරාම අත්දැකීම් අනුව අභ්‍යන්තරික අවුල් වියවුල්, දේශපාලන අවුල් වියවුල්, අවිනිශ්චිත තත්ත්වයක් ඇති බවයි, භික්ෂුන් වහන්සේලා ලෙස අපට ඓතිහාසික රාජකාරියක් පැවරී තිබෙනවා. තුණුරුවන් වෙනුවෙන් කැපවී රට ජාතිය සමය වෙනුවෙන් කැපවී කටයුතු කිරීමයි අභිප්‍රාය වුණේ.”

“පසුගිය කාලයේ රට තුළ විශාල අන්‍යාගමිකරණයක් වෙමින් පැවතුණා. ඒ නිසා ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය හොඳින් දැනුනා. ඒ සමයේ සිදුවූ දේ ගැන විශේෂයෙන් 94 ෆෙඩරල් රට බෙදන ව්‍යවස්ථාවට මා විරුද්ධ වුණා. ස්වයං පාලන අයිතියක් ඉල්ලන ගුරු කුලයට මා විරුද්ධයි. ඒකීය රටකට පමණයි අප එකඟ. සුනාමි සහන මණ්ඩලය පවා ඒකීය රටකට හානියක් බවට පෙනුනා. රටේ ඒකීයභාවයට හානිවන කරුණු ඇතැම් අවස්ථාවල තිබුණා.”

විනිසුරු මඬුල්ල – “සාක්කිදීම පමණක් සිදුකරන්න. කතා පැවැත්වීම අනවශ්‍යයි.”

නීතිඥ – “මට අවශ්‍ය මේ සිද්ධියට හේතුවූ පසුබිම අනාවරණය කිරීම පමණයි.”

විනිසුරු මඬුල්ල – “මෙම ප්‍රකාශ මෙම නඩු නිමිත්තට අදාළ නැහැ. එදින අධිකරණයට පැමිණියේ ඇයිද යන්න ඔහු පැහැදිලි කළ යුතුයි. ඔහු කතා පැවැත්වීම කළ යුතු නැහැ.”

නීතිඥ – “අධිකරණයේ අවවාදය මා පිළිගන්නවා. ඔබ වහන්සේ යුද හමුදා නිලධාරින් සමඟ කටයුතු කළාද?”

සාක්කිකරු – “ඔව්. ආධ්‍යාත්මික සහ භෞතික උපකාර කළා. යුද හමුදාව පසුබැස්ස අවස්ථාවල ඔවුන් මානසිකව බලගැන්වීම කළා. ඉහළ නිලධාරින්ගෙන් ඊට අවසර ලැබුණා. ඔවුන් සමඟ සුහදතාවයක් වර්ධනය වුණා. යුද හමුදාවේ බුද්ධි නිලධාරින් සමඟ විශේෂ සම්බන්ධයක් තිබුණා. ඔවුන්ගේ බුද්ධි කටයුතුවලට අවශ්‍ය පහසුකම් අප ලබාදී තිබෙනවා.”

“බුද්ධි අංශ නිලධාරින් කිහිපදෙනකුට සම්බන්ධ නඩුවක් පැවැති අවස්ථාවක මා හෝමාගම අධිකරණයට වැඩියා. එහි සිටි ශම්මි කුමාර, ප්‍රියන්ත, ප්‍රබෝධ, කුමාරත්න යන අය මා හොඳින් හඳුනනවා. මේ නඩුව සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා හතර පහකදීම මා අධිකරණයට පැමිණියා. ඔවුන් නඩු පැවරීමට පෙර මෙම බුද්ධි අංශ නිලධාරින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියා. ඒ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් අප පෙනී සිටියා. අධිකරණයට ගියේ එම හමුදා නිලධාරින්ගේ චිත්ත ධෛර්යය වැඩිකිරීමටයි.”

“පවතින නව රජය හමුදා නිලධාරින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීම කරමින් රණවිරුවාට කරන අපරාධ ගැන පැහැදීමක් කළේ නැහැ.එක්නැලිගොඩ නඩු නිමිත්ත දේශපාලන වේදිකාවල කතා වුණා. එක්නැලිගොඩ නම් පුද්ගලයාට ජීවිත හෝ වෙනත් හානියක් කළ බවට හමුදා නිලධාරින්ට චෝදනා එල්ල වුණා. ඔහුගේ බිරිය විසින් හමුදා නිලධාරින්ට එරෙහිව 2010 වසරේදී පැමිණිලි කර තිබුණා.”

විනිසුරු දෙහිදෙනිය මහතා – “දේශන නොපවත්වා සෘජු උත්තරයක් දෙන්න.”

සාක්කිකරු – “අභියාචනාධිකරණයේ ප්‍රථම වරටයි සාක්කි දෙන්නේ. එසේ වුවහොත් ඔව් නෑ බෑ පමණයි කියන්න වෙන්නේ.”

විනිසුරු මඬුල්ල – “අවශ්‍ය නම් පැහැදිලි කිරීම් කළ හැකියි. කෙටි පිළිතුරු දීම ප්‍රමාණවත්.”

සාක්කිකරු – “එක්නැලිගොඩ මහතා අතුරුදන්වීමේ නඩුවට මා ඉතා උනන්දුවෙන් පැමිණියා. එක්නැලිගොඩ නමැති මාධ්‍යවේදියෙක් ගැන මා අසා තිබුණේ නැහැ. ලංකා ඊ නිව්ස් නමැති වෙබ් අඩවියේ එවැනි නමක් තිබුණා. එක්නැලිගොඩ මහත්මිය ජාත්‍යන්තරයට ගොස් රණවිරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරනවා. ඇය ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන රැසක කටයුතු කරනවා.”

“ලංකාවේ රණවිරුවන් රසායන අවි භාවිතා කළ බව කියමින් ඇය ජිනීවා ගියා. මෙය දේශපාලන කුමන්ත්‍රණයක්. එවකට සිටි දේශපාලන අධිකාරිය ගැන කාටුන් පොතක් ලිවීම ඇතුළු කරුණු තුනක් මෙම අතුරුදන්වීම ගැන තිබුණා. මේ නඩුවේ පැමිණිලිකාරිය රටට අහිතකර ලෙස කටයුතු කළා. 2010 දී ඇය විසින් පැමිණිල්ලක් කර තිබුණත් නව රජය බලයට පත්වන තෙක් බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගත්තේ නැහැ. වර්තමාන රජය බලයට පත්වූ පසුවයි ඔවුන් අත්අඩංගුවට ගත්තේ. වෙනත් නඩු සහ මේ නඩුව අතර විශාල වෙනසක් දකිනවා. ඔවුන්ට කළ විවිධ බලපෑම් ගැන බුද්ධි අංශ නිලධාරින්ගේ ඥාතීන් අපට කිව්වා.”

“මේ රජය බලයට ගෙනා රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම් නිසා මේවා සිදුවන බව අපට හොඳින් හැඟෙනවා. ඒ නිසා ඔවුන් අධිකරණයට ගෙනා දිනයන්වල මා අධිකරණයට වැඩියා. අධිකරණයේ සිදුවන දේ හොඳින් බලාගෙන බලධාරින් දැනුවත් කර හමුදා නිලධාරින් බේරාගැනීම පමණයි අපේ අරමුණ වුණේ. අධිකරණයට බාධා කිරීමේ කිසිදු අරමුණක් තිබුණේ නැහැ. මා සමඟ තවත් ස්වාමින් වහන්සේලා අධිකරණයට පැමිණියා. මේ නඩුව අහන අවස්ථාවේදී සැලකිය යුතු පිරිසක් එහි සිටියා. මේ නඩුව නැරඹීමට ඇතැම් අය ආවා.”

“එදින අලුත් නඩුකාරතුමෙක් ඇවිත් හිටියා. මේ නඩුව සම්බන්ධයෙන් නඩුකාරතුමා මීට පෙර කළ ප්‍රකාශයක් පුවත්පත්වල පළවුණා. ඒ නිසා මේ නඩුව බලන්න යාමට සිත්වුණා. එදිනත් සංවාදාත්මක ස්වරූපයෙන් නඩු විභාගය පැවැත්වුවා. එවැනි තත්ත්වයක් මීට පෙර අධිකරණවල දැක නැහැ. විත්තිකරුවන්ට ඇප ලැබේවි යැයි විශ්වාසයක් තිබුණා. එහෙත් ඔවුන්ට ඇප ලැබුණේ නැහැ. ඔවුන් මාංචු පිටින් මට වැන්දා. ඔවුන්ගේ ඇස්වල කඳුළු මගේ අතට වැටුණා. විශාල සංවේදීකමක් ඇතිවුණා. එවිටම මට හිතුනා “නඩුකාරතුමනි මොවුන්ට ඇප දෙන්න මොකුත්ම ක්‍රමයක් නැද්ද” ලෙස අහන්න.”

“ඒ සමඟම මා නැගී සිටියා. හිතේ සංවේදීකම මිස කිසිවක් දැනුනේ නැහැ. ස්වාමීනී මට කතාකරන්න ඕන යැයි මා කීවා. එවිට මහේස්ත්‍රාත්තුමා අංගචලනයෙන් එය අනුමත කළ බවක් මට හැඟුනා.”

“ඊට විරුද්ධ වන ඉඟියක්වත් තිබුණේ නැහැ. එතුමා මගේ කතාවට සවන්දෙයි යන විශ්වාසය මට තිබුණා. අධිකරණයේ කීර්තියට හෝ උත්තරීතරභාවයට හානියක් වේ යැයි මා සිතුවේ නැහැ. විනිසුරුතුමාට විරුද්ධවීමේ ද්වේශ සහගත සිතිවිල්ලක් තිබුණේ නැහැ.”

“අපිව ඕන නම් තියාගෙන මොවුන්ට ඇප දෙන්න කියා මා ඉල්ලා සිටියා. එවිට මහේස්ත්‍රාත්තුමා ඉතා පැහැදිලි ලෙස මේ නඩුව ගැන විග්‍රහ කළා. එතුමා පැහැදිලි කළා මෙය නීතිය හදන තැනක් නොවෙයි පාර්ලිමේන්තුවෙන් එය කරන්නේ කියා. පාර්ලිමේන්තුවෙන් අප එය හදාගන්නම් කියා මා එතනින් ඉවත් වුණා.”

“මහේස්ත්‍රාත්තුමාට බලපෑම් කිරීමේ අරමුණක් මට තිබුණේ නැහැ. ස්වභාවයෙන්ම මගේ කට හඬ ශබ්දයි. ‘

“අධිකරණයට බාධාවන අන්දමේ වචනයක් හෝ අංගචලනයක්වත් මා කළේ නැහැ. අධිකරණයේ කටයුත්තට මගෙන් බාධාවක් වූ බවට වන චෝදනාව මා පිළිගන්නේ නැහැ. ඥාතීන් ඇවිත් කරන කරදරය නිසා තමයි මා මෙවැනි ඉල්ලීමක් කළේ. තියෙන නීතිය අනුගමනය කරන්න ඕන නෑ, කියා මා කීවේ නෑ. ඊට පාර්ලිමේන්තු යා යුතු බව ‍මගේ අදහස වුණා.’

දුෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් මාව ඉවත් කලේ රිෂාඩ්ගේ දූෂණ සොයපු නිසා – ලැසිල්

 

 

Related posts

අජිත් රෝහණ සුවවී ගෙදර යයි

colombotoday

බොදු බල සේනා තහනම් කිරීමෙන් හොදක් වෙයි කියලා විශ්වාස කරන්නේ නෑ. | රජයේ මතය මහාචාර්ය ජී.එල් පීරිස් කියයි.

colombotoday

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්…

colombotoday

ශ්‍රවණාබාධිතයින්ටත් රියදුරු බලපත්‍ර

Admin

ලෙස්ටර්ගේ සම්මානය ඉස්සූ නමගිය හොරු කාටත් නොදැනෙන්න තවත් ගේමක් දීලා…

colombotoday

දෙමළ ජාතික සන්ධාන ශිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රිට එරෙහිව වව්නියාවේ විරෝධයක්

colombotoday