Colombo Today Local News

“අනිත් හොරු අල්ලන්න කලින් තමන්ගේ හෙළුව වහගත්තනම් හොදයි” – රාජිත පියපුතුට එජාපයෙන් ප්‍රහාරයක්

අද මේ රට පාලනය කරන්නේ චතුර සේනාරත්න බවත්, ඔහුට කරන්න පුලුවන් දේවල් ජනාධිපතිටවත් කළ නොහැකි බවත් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

“මේ රටේ ආණ්ඩු බලයට පත් කරන්නේ, ආණ්ඩු නැති කරන්නේ, ඇමැතිවරු හදන්නේ, ඇමැතිවරු යවන්නේ, චතුරනේ. චතුරගේ කතා හරියට බොක්කේ දඩ මස් හක්කේ බුදුරැස් වගේ. රාජිතලා කොහේ හිටපු එවුන්ද? ඒ අය ළඟ අද තියෙන සල්ලි කොහෙන්ද කියලා හොයන්න ඕනෑ. අද උන් හොරු අල්ලන්න කතා කරනවා. චතුරලා ගම්පහ ඡන්දෙට ‍පොඩි සල්ලියක්ද වියදම් කළේ. ඒවා චතුරගේ අම්මාගේ අප්පාගේ සල්ලිද? එහෙම චතුරලා තමයි ආණ්ඩුවෙන් අයින් කරන්න ඕන ඇමැතිවරු ගැන කතා කරන්නේ. මුලින් තමුන්ගේ හෙළුව වහා ගන්න ඕනෑ. ඒක නිසා මුලින්ම රාජිත උන්නැහෙයි, චතුර කොලුවයි අයින් වුණා නම් තමයි හොඳ“ යැයිද ඇමතිවරයා පවසයි.

Related posts

තහනම් භාණ්ඩ සඟවා ගෙන සිටි රැඳවියෝ දෙදෙනෙක් මාට්ටු

colombotoday

පිළිකා, හෘද රෝග නසන්න හැකි තරම් කොස් කන්න…

colombotoday

යහපාලනයෙන් නීතියේ ආධිපත්‍ය වලපල්ලට – ජෙෂ්ඨයා වෙනුවට කනිෂ්ඨයා ශ්‍රේෂ්ඨාධිකරණයට?

colombotoday

හෙළයේ මහා ගාණ්ධර්වයන්ගේ අවසන් කටයුතු: සජීවී විකාශය

colombotoday

පෙට්‍රල්වලින් භූමිතෙල් ගද වහනය වන බවට රට වටෙන් පැමිණිළි.. IOC බාල තෙල් තොගය හොරෙන්ම ගොඩබෑවාදැයි සැක

colombotoday

වව්නියාවේදී ජාතික කොඩිය ගලවා බිම දමා පාගයි…

colombotoday