Colombo Today Local News

යහපාලනයෙන් නීතියේ ආධිපත්‍ය වලපල්ලට – ජෙෂ්ඨයා වෙනුවට කනිෂ්ඨයා ශ්‍රේෂ්ඨාධිකරණයට?

චන්ද්‍රා ඒකනායක මහත්මිය පසුගියදා විශ්‍රාම ගැනීමෙන් පසු පුරප්පාඩු ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුර සඳහා අගවිනිසුරු ශ්‍රීපවන් මහතා විසින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ජෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන්ම සිටින දීපාලි විජේසුන්දර මහත්මියගේ හා ජෙෂ්ඨත්වයෙන් තෙවන ස්ථානයේ සිටින විජිත් මලල්ගොඩ මහතාගේ නම් ජනාධිපතිවරයා වෙත යොජනා කර ඇත.

නමුත් අග විනිසුරුවරයා විසින් අභියාචනාධිකරණයේ සභාපති විජිත් මලල්ගොඩ මහතාට වඩා ජ්‍යෙෂ්ඨ විනිසුරුවරියක වන අභියාචනා අධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මියගේ නම යෝජනා නොකර විජිත් මලල්ගොඩ මහතාගේ නම යෝජනා කිරීම හේතුවෙන් වර්තමාන ආණ්ඩුවේ යහපාලන මුලධර්ම පිලිබදව ගැටළුවක් පැන නැගී ඇත.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා දේශපාලන පලිගැනීමක් වශයෙන් සිරගත කළායැයි විශාල හඩක් රටතුල ගොඩ නගිමින් බලයට පැමිණි වර්තමාන ආණ්ඩුව එම තීරණය ලබාදුන් විනිසුරු වන දීපාලි විජේසුන්දර මහත්මියගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයට යෝජනාකිරිම සරත් ෆොන්සේකා මහතාට විරුද්ධව ලබාදුන් තීන්දුව අනුමත කිරිමක් ලෙස දේශපාලන තිරය පිටුපස කතාවෙමින් ඇත.

මීට පෙර අවස්ථා දෙකකදීත් අගවිනිසුරු ශ්‍රීපවන් මහතා විසින් විජිත් මලල්ගොඩ මහතාගේ නම යෝජනා කර ඇති අතර ඒ ඔවුන්ගේ පුද්ගලික හිතවත්කමක් හේතුවෙන් බවයි අධිකරණ ක්‍ෂේත්‍ර ආරංචිමාර්ග මගින් වාර්තාවන්නේ.

ජේෂ්ඨයන් සිටිද්දීත් විජිත් මලල්ගොඩ මහතා අභියාචනාධිකරණයේ සබාපති ලෙස පත්කිරීම සදහා රාජපක්ෂ රජය ක්‍රියාකිරීම නිතිය දේශපාලනීකරණය කිරීමක් ලෙස විපක්ෂයේ සිටි එජාපය සහ ජවිපෙ ආණ්ඩුවට චෝදනා කරමින් ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දැමීමක් ලෙස එකල හදුන්වනු ලැබුවා.

Related posts

ඩෙල්ටා ⁣කොවිඩ් ප්‍රභේදයේ විකෘතීන් තුනක් මෙරටින් හඳුනා ගනී

colombotoday

2022 වසරේ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය පොහෝ දා

Admin

75 වන නිදහසට ඉන්දියාවෙන් බස් 500ක් (video)

Admin

2017 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා විරාත් කෝලි – ICCයෙන් පිදුම් ලබයි

colombotoday

‘රාජපක්ෂලා හොරු: කීවාට ඔප්පුකරගන්න බැරිවුණා.. චෝදනා බොරු බවයි පේන්නේ‘ – ඇමති මහින්ද

colombotoday

හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන ඒකකයට කැදවා ප්‍රශ්න කරයි…

colombotoday