Colombo Today Local News

‘රවීට එරෙහිව විශ්වාස භංග ගේන්න සාදාචාරාත්මක අයිතියක් නැහැ’ – JHU

අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂයට සාදාචාරාත්මක අයිතියක් නොමැති බව ජාතික හෙළ උරුමය (JHU) පවසයි.

මන්ත්‍රීවරුන් තිස් දෙදෙනෙකුගේ අත්සනින් යුතුව රවී කරුණානායක අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂය මගින් ඉකුත් බ්‍රහස්පතින්දා කථානායකවරයා වෙත භාර දෙනු ලැබිය.

ඒ සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ ස්ථාවරය කුමක්දැයි විමසූ අවස්ථාවේදී එම පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඒ බව කියා සිටියේය.

“ජනාධිපති විමර්ශන කොමිසමේ කටයුතු තවම අවසන් වී නෑ. තවත් පුද්ගලයන් විශාල පිරිසකගෙන් කරුණු අනාවරණය කරගන්න කාලය තියෙනවා. එසේ තිබියදී රවී කරුණානායක සම්බන්ධයෙන් විශ්වාස භංගයක් ගෙන එන්න ඒකාබද්ධ විපක්ෂය කටයුතු කිරීම තුළ තවත් තොරතුරු හුවමාරු කර ගැනීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව වෙන අතකට යොමු කිරීමේ උත්සාහයක් තියෙනවද කියලා සාධාරණ සැකයකුත් අපිට තියෙනවා.

ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයට සදාචාරාත්මක අයිතියක් තියෙනවද ? මේ විශ්වාස භංගයට අත්සන් කරපු රෝහිත මන්ත්‍රීතුමා, විමල් විරවංශ, ගාමිණී ලොකුගේ සහ මහින්දානන්ද අලුත්ගමගේ වැනි අයට චෝදනා එල්ල වෙලා දැනටමත් අධිකරණය නඩු විභාග වෙමින් තිබෙනවා.”

පවතින තත්ත්වය හමුවේ වඩාත් සුදුසු වන්නේ රවී කරුණානායක අමාත්‍යවරයා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම බව ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නෙත් නිව්ස්

Related posts

අස්ගිරි මහානාහිමි ප්‍රමුඛ මහ සගරුවන උතුරේ සංචාරයක (Video)

colombotoday

මන්ත්‍රී කාවින්ද දාහක් එක්ක මඩු ගිහින්.. දුම්රිය දෙපාර්තමේන්තුවට ලක්ෂ 11ක පොල්ලක් තියලා

colombotoday

එට්කා ගිවිසුම පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නවා.. ඊට පසු අත්සන් කරනවා

colombotoday

තඹ කම්හලේ ත්‍රස්ත සැකකරුවන්ට ඇප ලැබුණේ පොලිසියේ දෝෂයකින් !!!

colombotoday

මැතිවරණ කොමසාරිස්ට එරෙහි නඩුව: රජයේ නීතිඥවරයා දිනයක් කල් ගයි.

colombotoday

දෙහිවල සත්තුත් උග්‍ර ආහාර අර්බුදයක

colombotoday