Colombo Today Local News

මැරුණු කොටි සමරන්න ගිය TNA මන්ත්‍රීන් හමුදා කදවුරකට පනින්න යයි.. වටකරගෙන හමුදාවට තග දමයි

කිලිනොච්චිය, විශ්වමඩු තෙරාවිල් මහවිරු සොහොන් පිහිටි ස්ථාන පිරිසිදු කිරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් ඇතුළු පිරිසක් යුද හමුදා කදවුරකට අයත් ප්‍රදේශයට බලහත්කාරයෙන් ඇතුළත් වීමට යාම නිසා උණුසුම් වචන හුවමාරුවක් ඇතිවී තිබේ.

යුද හමුදා අනුඛණ්ඩයකට අයත් සීමාවක අදාළ සොහොන් ගැබ පිහිටා ඇති අතර අදාළ පිරිස ඊට ඇතුළු වීමට අවසර ඉල්ලීමේදී එහි සිටි නිලධාරින් කියා ඇත්තේ ඉහළ නිලධාරීන්ගේ අවසරය නැති බැවින් ඒ සඳහා අවසරය ලබාදිය නොහැකි බවටයි. පසුව එම ස්ථානයට ගිය කිලිනොච්චිය දිස්ත්‍රික් උතුරු පළාත් සභාවේ ටී.කුරුකුලරාජා හා එස්.පසුපතිපිල්ලේ යන මන්ත්‍රීවරු ඊට විරුද්ධත්වය පළකොට ඇත.

මහවිරු සොහොන් පවතින ප්‍රදේශයෙන් යුද හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවට ඔවුහු ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරුන් යුද හමුදා නිලධාරීන්ට දෝෂාරෝපණය කොට ඇති බවද වාර්තා වෙයි.

එම ස්ථානයට දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රිධරන් පැමිණ ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරන බවත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කරන බවත් පැවසුවේය. පසුව පැමිණි පිරිස හමුදා අනුඛණ්ඩය ඉදිරිපස පහන් දල්වා පොල් ගසා පිටව ගියහ.

ලංකාදීප

Related posts

හිරුණිකා ජනපති නිල නිවස ඉදිරිපිට ගෝඨාභය එනතුරු මහ පාරේ විරෝධතාවක්

colombotoday

ඇමති හිස්බුල්ලා ඇතුළු පිරිස පැහැරගත් කෝටි 9ක් වටිනා ගොඩනැගිලි ද්‍රව්‍ය අත්අඩංගුවට…

colombotoday

නව රජය පත්වීමත් සමග පාතාලය නිහඬ වෙලා

colombotoday

මංගල අපහාස කලේ කාදිනල්ට නොව සමස්ථ කතෝලික ප්‍රජාවටයි…

colombotoday

IOC යන් ඉන්ධන මිළ පහත දමයි…

colombotoday

හරක් කටා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක්

Admin