Colombo Today Local News

පිරිවෙන් වලට වෙන්කර තිබූ මුදලත් අතුරු අයවැයෙන් කපා දමලා.. මේ ගහන්නේ ශාසනයටයි !

හිටපු ජනාධිපති මහින්ද මහත්තයා කිව්වා පිරිවෙන්වලට දෙන ලක්ෂ පහ ලක්ෂ දහය දක්වා වැඩිකරන බව. ඒ අනුව ලක්ෂ දහයක් වෙන් කරලයි අවසන් අය-වැය ඉදිරිපත් කළේ. පස්සෙ මේ රජය අතුරු අය-වැයක් කියලා බම්බුවක් හදලා සතයක්වත් වෙන් කළේ නෑ. දැන් අර දුන්නු ලක්ෂ පහත් නෑ. දැන් පිරිවෙන් පවත්වාගෙන යන්න බැහැ. මේ ගහන්නෙ ශාසනයට. අද මුදල් අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් ඉදිරිපත් කරලා ඒ මඟින් පිරිවෙන් සඳහා ලක්ෂයක් වෙන් කරලා. ලක්ෂයක් බම්බු ගහන්නද? වැසිකිළියක්වත් හදන්න පුළුවන්ද? මැති ඇමැතිවරු කෝටි ගණන් වාහන ගේන්න අතුරු ඇස්තමේන්තු ගෙන එනවා. උන් සැප විඳිනවා. යැයි කෑගල්ල වෑවලදෙණිය පුරාණ විහාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සතර කෝරල මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක කෑගල්ල ත්‍රෛනිකායික භික්ෂු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක කොටගම චන්ද්‍රරතන හිමියෝ පැවැසූහ.

මේ රටේ පිරිවෙන් 750ක් තියෙනවා. ඒවා දියුණු කරන්න අවශ්‍යයි. පිරිවෙන් රකිනවා කියන්නේ ශාසනය රැකීමයි. මේක දැන් සිටින පාලකයෝ හිතට ගත යුතුයි. තවත් ආරංචියක් තියෙනවා පොඩි දරුවන් මහණ කරන්න දෙන්නේ නෑ කියලා. ඒ අවස්ථාව දෙන්නෙ අවුරුද්දකට පසු කියලත් ආරංචියි. මේ වැඩපිළිවෙළත් එන්නෙ ශාසනයට පහර දෙන්නයි. මේ බටහිරයන්ගේ නීති. ශාසනික පිළිවෙත් ටික කරගෙන යෑමට හාමුදුරුවන්ට ඉඩදිය යුතුයි. පාලකයෝ කියන්නේ දායක පිරිසක්. ඔවුන්ගේ යුතුකම විය යුත්තේ මේ වැඩපිළිවෙළ කරගෙන යෑමට ශක්තිය දීමයි.

මීගමුවේ සංචාරක කටයුතු වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් වියදම් කිරීමේ සූදානමක් ඇති බව දැනගන්න තියෙනවා. මහින්ද මහත්තයාගේ කාලේ මල්වතු – අස්ගිරි මහ විහාර සංවර්ධනයට මෙන්ම පැරැණි වෙහෙර විහාර සංවර්ධනයට ඒ මුදල් යෙදෙව්වා. ඒ මුදල් දැන් සංචාරකයන් පිනවීමට කටයුතු කරනවා.

දළදා මාලිගාවට, දඹුලු විහාරයට, කන්දෙ විහාරයට පහර දෙනවා. පනතට අනුව විහාරාධිපතිගේ අනුදැනුම නැතිව මේවා කරන්න බෑ.

එහිදී අදහස් දැක්වූ අමරපුර නිකායේ චූලගන්ඨි පාර්ශ්වයේ මහා නායක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු ජේ‍යෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ගංතුනේ අස්සජි හිමි.

1956දී සඟ, වෙද, ගුරු යන බලවේගවල මූලිකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ වුණා. අද සමහරුන්ට ඒක අමතක වෙලා. අද හොඳම උදාහරණය තමයි සංඝයා අමතක කිරීම. ඒ වගේම ස්වාමීන් වහන්සේටද නිසි ගෞරවය ලබාදීම අද දේශපාලනඥයන්ගෙන් ගිලිහී ගොස් ස්වාමීන් වහන්සේගේ නම පමණක් භාවිත කිරීමට පෙලඹිලා. එදා යම් ප්‍රශ්නයක් ඇති වුණොත් සංඝයා සමඟ සාකච්ඡා කර අනුශාසනා ලබාගෙන ඒ සඳහා විසඳුම් ලබා ගත්තා. අද ඒ කටයුතු අමතක වෙලා.

අසම්මත විවාහයක් සම්බන්ධව පසුගියදා අදහස් පළවුණා. මේවා කාගේ වුවමනාවට පළවන ඒවාද? ඒ වගේම පෝය දවසේ තැබෑරුම් වසා තැබීම රජයට පාඩුයිලු. මේක අපේ ශාසනයට ගහන මරු පහරක්. මීට පෙර එක් මන්ත්‍රිවරයෙක් කිව්වා ලංකාවේ නිෂ්පාදනය කරන ධාන්‍ය ආහාර වශයෙන් දීලා සතුන්ගේ මස් විකිණීම මීට වඩා ආදායම් ලබා ගැනීමට හැකි බව. ඒ මන්ත්‍රිවරයා එදා ඇමැතිවරයෙක්.

සතර කෝරල මහා නිකායේ අධිකරණ සංඝනායක ඉඹුල්ගල සුමංගල හිමියන් මෙසේ අදහස් පලකළේය.

ව්‍යවස්ථාවක් ගේනවා කියලා කියනවා. එහි බුද්ධාගම සම්බන්ධ ඡේදයේ විකල්ප යෝජනා හයක් තියෙනවා. ඒ කියන්නේ වටේ යන යෝජනා. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේක අකුරක්වත් වෙනස් කරන්නේ නෑ කියනවා. එහෙනම් මොකටද විකල්ප යෝජනා හයක්. මල්වත්ත නිකාය කඩන්න ගියා කියලා එක් නායකයෙක් කියනවා. එහෙම දෙයක් වුණා කියලා අපි නම් දන්නෙ නෑ. මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාම ඒවා වහගන්න කියන කතා. මේ ආගම, සංස්කෘතිය ආරක්ෂා කිරීම අපේ අයිතියයි. අපිට පහර දෙනවා නම් අපි නැඟී සිටිය යුතුයි.

මාවනැල්ල දෙහිමඩුව රජමහා විහාරයේ විහාරාධිපති හා රාමඤ්ඤ මහ නිකායේ ලේඛකාධිකාරී පූජ්‍ය වරාගොඩ පේමරතන හිමි

අද අපි භුක්ති විඳින සියලුම විපාකවලට මුල් වුණේ 78 ව්‍යවස්ථාව බව පැහැදිලියි, ඊටත් වඩා භයානක ව්‍යවස්ථාවක් ඇති කිරීමේ සූදානමක් ඇතිවිය හැකි බවත් පෙනී යනවා.

ඒ වගේම මෙය ඇති කිරීමට බලාපොරොත්තු වන සංහිඳියාව සඳහා මුන්ගේ සූදානම එක් ආගමක්, ජාතියක් අපහසුතාවට පත්කිරීම. අනෙක් ජාතිකයන්ට වරප්‍රසාද ලබාදීම අපිට ගැටලුවක්. ඒ වගේම මේ ගමනේ අවසානය මේ එකක්වත් නොවේ. දරුණු ඒකාධිපති ගමනක් බව අපට පැහැදිලියි.

කෑගල්ල _ බණ්ඩාර මද්දුමගේ

 

Related posts

ශ්‍රී ලංකාව තුළ අන්තවාදය ව්‍යාප්ත කරමින් සිටින මුස්ලිම් සංවිධාන

colombotoday

තිලිණි ප්‍රියමාලි අසාද් සාලිගේ කෝටි 8කට විදලා

colombotoday

නාත්තන්ඩියෙ කොරෝනා ආසාදිතයකු ගම්මාන ගණනාවක වියළි ආහාර ‍බෙදලා. මාරවිල ගම්මාන හයකට ඇතුල්වීම පිටවීම තහනම්

colombotoday

වාහන මිළ නැවතත් නගී…

colombotoday

ප්‍රභාකරන්ට තුවක්කුවෙන් කළ නොහැකි වූ දෙය සම්බන්ධන් දේශපාලනයෙන් කරනවා.. සහජීවනය කියා දියයුත්තේ උතුරේ අන්තවාදීන්ටයි

colombotoday

වෙඩිතැබීමකින් කාන්තාවක් මරුට

colombotoday