Colombo Today Local News

“ශ්‍රීලනිප – එජාපය වහා සමගිවනු.. ඉක්මනින් අලුත් ව්‍යවස්ථාව ගෙනෙනු..!“ – විපක්ෂ නායක සම්බන්ධන්

වත්මන් රජයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්සය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන් අතර ඇති තරගකාරීත්වය අත්හැර දමා, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට ඒකාබද්ධ වී කටයුතු කල යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ පසුගිය 18 වනදා සිංගප්පූරු විදේශ ැමති විවියන් බාලක්‍රිෂ්ණන් කොළඹදී හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

“එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඒකාබද්ධ වී කටයුතු කලහොත් පමණක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට හැකිය. මෙම ප්‍රධාන දේශපාලන පක්‍ෂ 02ක තමන් අතර ඇති තරඟකාරිත්වය අත්හැරදමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට ඒකාබද්ධවී කටයුතු කල යුතුය. ජාතික ජනවාර්ගික ගැටළුව විසඳීමට ඔවුන් සහයෝගය දැක්විය යුතුය. එයට ජාත්‍යන්තර ප්‍රජාවද බලපෑම් එල්ල කල යුතුය” යනුවෙන් ආර්.සම්බන්ධන් මහතා වැඩිදුරටත් කියා සියේය.

Related posts

ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක්

Admin

එකම විසඳුම මහ මැතිවරණයක් – ආගමික නායකයෝ, විද්වත්හු අවධාරණය කරති.

colombotoday

ඉදිරි දින කිහිපය තීරණාත්මකයි.. සියළු මැති ඇමතීන් කොළඹ නවතී !!

colombotoday

දමිතා බලන්න විපක්ෂ නායක කොටුව පොලිසියට

colombotoday

සෞඛ්‍ය උපදෙස් නොතැකු බස් 50ක බලපත්‍ර කොවිඩ් ලෝකයෙන් තුරන් වනතෙක් අත්හිටුවයි

colombotoday

බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට දෙවැනි නඩුවෙනුත් ඇප

colombotoday