Colombo Today Local News

විත්තිකරුගෙන් බලපෑම්.. අධිචෝදනා ගොනු කළේ වසර 10කට පසුවයි !

දෙවසරක කාලයකදී තම ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් ලක්ෂ 415ක මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීම සම්බන්ධව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව 2005 වසරේ පරීක්ෂණ ඇරඹුව ද විත්තිකරුගේ බලපෑම් හේතුවෙන් ඔහුට එරෙහිව අධි චෝදනා ගොනු කළ හැකිවූයේ 2015 වසරේ එනම් පරීක්ෂණ අරඹා දස වසරකට පසුව බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුදර්ශන සිල්වා මහතා කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතාට පෙරේදා (03) දැන්වීය.

මේ නඩුව ඊයේ (03) කැඳවූ අවස්ථාවේ විත්තිකරුට එරෙහිව හදිසියේ නඩුව පවරා ඇති බවට විත්තිකාර රෝහිත අබේගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා එසේ පැවසීය.

නඩුවෙන් අධි චෝදනා ලැබ සිටින කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පෙරේදා (03) අධිකරණය හමුවේ පෙනී සිටි අතර විත්තිකරුට එරෙහි නඩුව ලබන අගෝස්තු 02 හා 03 දිනයන්හි විභාගයට ගැනීමට විනිසුරුවරයා තීරණය කළේය.

අවශ්‍ය පරිගණක සාක්කි පරීක්ෂා කිරීම සඳහා විත්තියට ඊයේ (03) අවසර ලබාදුන් විනිසුරුවරයා පරිගණක සාක්කි සම්බන්ධව කරුණු දැක්වීම සඳහා නඩුව මෙම මස 19 වැනිදා කැඳවීමට ද නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් විත්තිකාර රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
2004 මාර්තු 31 හා 2006 මැයි 30 අතර කාලයේදී තම ආදායමෙන් උපයාගත නොහැකි මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරූ බවට අධි චෝදනා දෙකක් යටතේ රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව මේ නඩුව පවරා ඇත.

Related posts

ඇමරිකාවේ TikTok තහනම් ?

Admin

විද්‍යා ඝාතන නඩුවේ තීන්දුව අද.. අධිකරණය අවට ආරක්ෂාව දැඩි කරයි !

colombotoday

යුරෝපා සංගමයෙන් තහනමක්.. විනාශ වූ ග්‍රාඩ් රොකට් වෙනුවට අලුත් ඒවා දෙන්න රටවල් දෙකක් බෑ කියයි

colombotoday

මරාගෙන මැරුණු ත්‍රස්තයන්ගේ සිරුරු කොටස් ඌරු තෙල්, උරු මල – මුත්‍ර ගල්වා වලදමයි… ස්වර්ගයත් නෑ, කන්‍යාවියෝ 72ත් නෑ…

colombotoday

නීති විරෝධීව වාහන එකලස් කළ සැකකරුවෙකු අංක තහඩු 12ක් සමග අත්අඩංගුවට

colombotoday

ත්‍රීරෝද රථ ගාස්තුත් අඩු කරයි

Admin