Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මුස්ලිම් කොන්ග්‍රස් අපේක්ෂකයා මත් පෙති තොගයක් සමග අත්අඩංගුවට

ටැමඩෝල් පෙති 600 ක් අලවි කිරීම සඳහා  ලග තබා ගෙන සිටි පසුගිය පළාත් පාලන මැතිවරණයට මුස්ලිම් කොන්ග්‍රසයෙන් තරඟ කළ අපේක්ෂකයෙකුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන නොරචෝලේ පොලීසියට බාර දී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ඊයේ (20) රාත්‍රීයේ කල්පිටිය – ඒත්තාලේ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කල්පිටිය, ඒත්තාලේ, එරඹුගොඩැල්ල පදිංචි 32 හැවිරිදි අයෙක්ය.
සැකකරු පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයෙන් කල්පිටිය ප්‍රාදේශීය සභාවට ඒත්තාලය කොට්ඨාසය සඳහා තරඟ කළ පරාජයට පත්වු අපේක්ෂකයෙක්ය.
සැකකරු කලක සිට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු බවට බුද්ධි අංශ විසින් වාර්තා කර තිබී ඇත.
එම වාර්තා පදනම් කරගෙන කරන ලද තොරතුරු සොයා බැලීමකින් අනතුරුව  තොරතුරු විශේෂකාර්ය බලකායේ පුත්තලම කදවුර නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නොරචෝලේ පොලීසිය සිද්ධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරයි.

Related posts

අදත් කැස්බෑ මළ සිරුරක් ගොඩ ගසයි | දකුණු වෙරළ තීරයෙන් පමණක් මියගිය කැස්බෑවන් 16 ක්

colombotoday

පාසල් පෙම් නිසා සිසුන් දෙදෙනෙකුගේ හිසට – බෙල්ලට පිහියෙන් ඇනලා

colombotoday

නිවසක සිදුකළ වැටලීමකදී ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 08ක් අත්අඩංගුවේ

colombotoday

ඉන්දියාවේ වන්දනාවක යන්න උණ්ඩයකුත් අරන් ඇවිත්

Admin

නැගෙනහිර ජැටිය : යෝජනා අද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට

colombotoday

එල්ලේ ක්‍රීඩකයා ඝාතනය: කර්නල් ඇතුළු 15 දෙනා රිමාන්ඩ්

colombotoday