Colombo Today Local News

‘මෛත්‍රී පන්නන්න‘.. ඇමති බදුර්දීන් කැබිනට්ටුවට යෝජනා කරයි !

කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය යටතේ පාලනය වන ලංකා මිනරල් සෑන්ඩ් සමාගම ලෙස හැදින්වෙන කාලයකට පෙර ලංකා ඛණිජවැලි සංස්ථාව ලෙස හැදින්වු ආයතනයේ නිසි බළධාරීයා ලෙස මෛත්‍රී ගුණරත්න මහතා ජනාධිපතිවරයා විසින් පත්කරන ලදි.එජාපයේ හිටපු දකුණු පළාත් සබා මන්ත්‍රීවරයකු වු ඔහු පසුගිය මාස හතරක කාලය තුළදී ඛනිජවැලි සමාගමේ ටෙන්ඩර් ක්‍රියාවලියේදී අමාත්‍යවරයා නොතකා කටයුතු කල බවද දැනගන්නට ලැබී ඇත.

අද දින පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා පවසා ඇත්තේ නව නිසි බලධාරියා යටතේ රුපියල් මිලියන 60කට අධික පාඩුවක් සිදුවී ඇති බවයි. ඒ නිසා නිසිබලධාරීධුරයෙන් ඔහු ඉවත්කලයුතු බව අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා පවසා ඇති අතර අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද එයට හූ මිිටි තබා ඇත.

එහිදී ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ මෛත්‍රී ගුණරත්න නිසි බළධාරීයා ලෙස පත්කරන ලද්දේ තමන් විසින් බවත්, ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීම සදහා ඔහු කැදවන බවත් එහිදී මේ සම්බන්ධව විමසීම් කරන ලෙසත් එවන් පාඩුවක් සිදුව ඇත්නම් ඒ පිළිබද කටයුතු කල හැකි බවත්ය. ඒ අනුව මීලග කැබිනට් රැස්වීමට මෛත්‍රී ගුණරත්න කැදවීමට නියමිතය.

පසුගිය දිනවලදී අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ සහෝදරයකු පුල්මුඩේ පිහිටි ඛනිජවැලි සමාගමේ කැනීම් පරිශ්‍රයේ සේවකයින් වර්ජනයට හා උද්ඝෝෂණ සදහා පෙළඹවීමට උත්සාහ කර ඇති නමුත් එම උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වී ඇත. අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ඇමතිවරයා ලෙස පත්වීමෙන් පසුව අතිරික්ත සේවකයන් 120ක් ද බදවාගැනීමට කටයුතු කර තිබු බව අභ්‍යන්තර විගනන වාර්ථාවකින් හෙලිවී ඇත.

– එන්.ඩී.අඹේපිටිය

අමාත්‍යවරයාගෙ තීරණය සම්බන්ධයෙන් ලංකා මිනරල් සෑන්ඩ්ස් නිසි බලධාරියා වන මෛත්‍රී ගුණරත්න මහතා සිය ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇති ප්‍රකාශය පහතින්

Related posts

“භික්ෂූන්ට ජම්පර් අන්දවා අරිහත් ධජයට අගෞරව නොකරන්න..” ඥාණසාර හිමි වෙනුවෙන් ජනපතිට ලිපියක්

colombotoday

කටුගස්තොටත් නොසන්සුන්

colombotoday

අලුත් උපන් බිලිදු මළ සිරුරක් ඇලකින් හමුවෙයි

Admin

රුසියාව, ශ්‍රී ලංකාව වෙත නැවතත් පියාසර කිරීම අරඹයි

colombotoday

රට, දැය, සසුන රකින්න, තුණුරුවන් වැදල ගිහින් ගෝඨාභයට ඡන්දය දෙන්න – බොදුණුවන් පිරිවරා ඤාණානන්ද හිමියෝ ජාතියෙන් ඉල්ලති

colombotoday

කොළඹ නගරය සුහුරු නගරයක් කරනවා – රෝසි සේනානායක

colombotoday