Colombo Today Local News

මනිපාල් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් ලංකාවට.. කැබිනට් අනුමැතියත් ලැබේ

ඉන්දියානු මනිපාල් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් 2017 පෙබරවාරි 14 දින පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබු යෝජනාවට පසුගිය දා පැවති කැබිනට් රැස්වීමේ දී අනුමැතිය ලැබී ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන 75 ක ආයෝජනයකින් ඇරඹෙන මෙම ව්‍යාපෘතිය සඳහා කළුතර දිස්ත්‍රික්කයේ අක්කර සියයක භූමියක් වෙන් කිරීමට නියමිතය.

පෞද්ගලික ආයෝජකයන්ට ලංකාවේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජන අවස්ථා සලසා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.

එහි තොරතුරු තාක්ෂණය, කළමනාකරණය සහ ඉංජිනේරු විෂයන්ට අදාළ උපාධි හැදෑරීමට අවස්ථාව සලසා දෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

මනිපාල් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇතත්, කළුතර ස්ථාපිත කෙරෙන ශාඛාවට වෛද්‍යය පීඨයක් එක් නොකිරීමට රජය තීරණය කර තිබේ.

ඒ, දැනට පවතින සයිටම් විරෝධය සලකා බැලීමෙන් අනතුරුවය.

(දයා නෙත්තසිංහ)

Related posts

කොරෝනා ගැන බොරු ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක්

colombotoday

මැතිවරණය ජයග්‍රහණය කර රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවනවා…

colombotoday

දකුණු පළාතේ සිසුන් 200ට අඩු පාසල් ලබන 15 විවෘත කරයි

colombotoday

“නාම යෝජනා ගැන සෑහීමකට පත්වෙන්න බෑ” – පොහොට්ටුවෙ අවුල විමල් හෙළිකරයි

colombotoday

එයා ශ්‍රීලනිප මහලේකම් වුණදා පටන් අපේ ඡන්ද ප්‍රතිශතය අඩුවුණා – සුසිල්ගෙන් දුමින්දට අතුල් පහරක්

colombotoday

සියක් වසක් ආයු විද දකුණේ මහ යතිරුවණක් අපවත් වෙති

colombotoday