Colombo Today Local News

“ඔබේ දහම ඔබටයි, මගේ දහම මටයි. කියා ඉස්ලාමයේ කියනවා.. මේ රටේ අපි ජීවත් විය යුත්තේ ඒ අනුවයි“ – අගමැති

රාමසාන් මාසයේදී පහර දෙද්දී අපහාසර කරද්දී ඉවසුවාට මුස්ලිම් ජනතාවට ස්තූතිවන්ත වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ ඊයේ පැවති ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උපවාසය අතහැරීමේ “ඉෆ්තාර්“ උත්සවයට සහභාගී වෙමිනි.

බුද්ධාගමෙන් මෙන්ම ඉස්ලාම් ආගමෙන් කරන්නෙ මනස සුවත් කිරීම  බවත්, වෛරය පතුරවන අයට බුදු දහම යටතේ රැකවරණයක් නොමැති බවත් අගමැතිවරයා  එහිදී ිකියා සිටියේය.

විශේෂයෙන්ම මේ රටේ බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගම් අතර සහජීවනය ඇති කිරීමට අප ක්‍රියා කරනවා. නීතියේ ආධිපත්‍යය, එම සහජීවනය ඇති කිරීමේ මූලික කොටසක්. නිතියේ ආධිපත්‍යය අනුව අපි කටයුතු කළ යුතුයි. සියලූ ආගම් එය පිළිගන්නවා. දස රාජ ධර්මයෙන් කියවෙන්නේ ද එයයි.  රජයක් ලෙස ආගමික සංහිදියාව ඇති කිරීමට අප කැප වී සිටිනවා. ඒ සදහා අප නීතිය ක්‍රියාත්මක කරන අතර ජනතාව එකමුතු කිරීමත් කටයුතු කරනවා. යැයිද අගමැතිවරයා කියා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/ranil.wickremesinghe.leader/videos/1059071124192393/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මෙරට දුෂිතම ගඟ කැළණි ගඟ බවට අනාවරණයක්

colombotoday

නාම යෝජනා දෙන්න බැරි උනේ මහේෂ් සේනානායකගේ කුමන්ත්‍රණයක් නිසා – නාගානන්ද හේතු කියයි

colombotoday

ISIS ත්‍රස්තවාදීන් ඉන්දියාවේ ප්‍රාන්තයක් අල්ලා ගනී….

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් ගැන ජනපතිතුමා බලාගනී.. දිය යුතු උපරිම දඩුවම දෙනවා – ලක්ෂ්මන් යාපා

colombotoday

තිලිණි ප්‍රියමාලි යළි ඇතුළට : ජානකීට ඇප

Admin

සජිත්,රවී,නවීන්,අකිල,ගයන්ත,හරීන්,හලීම්,මනෝ වත්කම් සහ බැරකම් ප‍්‍රකාශයට පත් කර නෑ – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

colombotoday