Colombo Today Local News

සමාව නොගතහොත් නීතීඥ වෘත්තියෙන් දොට්ට දානවා – අධිකරණ ඇමතිගෙන් අනතුරු ඇගවීමක් !

නීතිඥ ලක්ෂාන් ඩයස් විසින් පැය 24 ක් ඇතුළත රටේ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය, අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ක්‍රිස්තියානි ආගමික ස්ථාන 166ට හාමුදුරුවරුන් විසින් පහරදී ඇති බවට ටී.වී දෙරණ ආයතනයේ ‘අලුත් පාර්ලිමේන්තුව‘ වැඩසටහනට එක්වෙමින් නීතිඥ ලක්ෂාන් ඩයස් විසින් ප්‍රකාශ කළ බවත්, ඒ සම්බන්ධයෙන් තමන් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් විමසා සිටි බවත්, එහිදී එවන් ප්‍රහාරයක් සිදුනොවූ බවට අගරදගුරු හිමියන් අවධාරණය කළ බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අනුව එවන් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිඥවරයා සමාව ගත යුතු බවත්, එම වගකීම ඉටුනොකළහොත් ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට ලබන සඳුදා වන විට අවශ්‍ය පියවර ගන්නා බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

කිලිනොච්චියේ මාන්කුලම් ප්‍රදේශයේ  නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අද (17) අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ජාතීන් අතර අසමගිය වර්ධනය වන අන්දමේ හා වෛරය ඇතිකිරීමේ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

පුරවැසියන් ලෙස එකට එකතුවී කටයුතු කළ යුතුව ඇති බවත්, සියලුම දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අන්දමට ක්‍රියා කළ යුතුව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1470564062981867/” width=”500″ height=”400″ onlyvideo=”1″]

ලක්ෂාන් ඩයස් නමැති පුද්ගලයා රටම නොමග යවමින් සිදුකළ කූට ප්‍රකාශය පහතින්

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1467802719924668/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

යුගදනවි කොටස් ෆෝට්‍රෙස් සමාගමට පවරා දීමට එරෙහිව පෙත්සමක්

colombotoday

සිරිල් ගාමිණි පුජකතුමා අදත් CIDයට එයි

colombotoday

ලංකාවේ උපන් අංජලී ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් නගර සභාව ජයගනී

colombotoday

විපක්ෂ නායක සම්බන්ධන් NGO නඩයක් සමග හමුදා කදවුරකට කඩා පනී.. හමුදාව පොලීසියේ පැමිණිල්ලක් දමයි

colombotoday

ඉන්ධන රැගත් දුම්රියක් පීලි පනී

colombotoday

දරුවන්ගේ දෙවෙනි මවට අපි දුන්න 2500න් බින්දුවක් යහපාලකයන් ගිලලා…” – හිටපු ජනපති

colombotoday