Colombo Today Local News

NGO ඔස්තාර්ලා බොරු බේගල් ඇද බා රට ගිනි තියන්න හදන හැටි මෙන්න (Video)

දෙරණ රූපවාහිනියේ පසුගිය බදාදා (15) දින විකාශය වූ “අලුත් පාර්ලිමේන්තුව“ වැඩසටහනේදී එයට සහභාගී වූ රාජ්‍ය නොව සංවිධාන ක්‍රියාකාරීන් දෙපළක් වන ලක්ෂාන් ඩයස් සහ ගාමිණී වියන්ගොඩ යන අය මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලගේ මූලිකත්වයෙන් සුළු ජාතිකයන් සුළු ආගමික කණ්ඩායම්වලට එරෙහිව ආගම්වාදී, ජාතිවාදී ප්‍රචන්ඩ ක්‍රියා සිදුකරන බවට සාවද්‍ය මතයක් සමාජගත කිරීමට දැඩි උත්සාහයක් දැරීය.

ලක්ශාන් ඩයස් නමැත්තා සඳහන් කළ ප්‍රකාශයට අනුව, මේ ආණ්ඩුව ආ දා සිට, මේ දක්වා, ක්‍රිස්තියානි ආගමික ස්ථාන 195කට, බෞද්ධ ස්වාමීන් වහන්සේලා පහර දී තිබේ.

ඔහු ඒ සඳහා උපුටා දක්වන ලද්දේ, The National Christian Evangelical Alliance of Sri Lanka විසින් නිකුත් කරන ලදැයි පැවසෙන වාර්තාවකි.

එය විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ ලක්ශාන් ඩයස් නමැත්තා ගේ ප්‍රකාශය කෙප්පයක් බවයි. එකී වාර්තාවේ සඳහන් වන ආකාරයට ක්‍රිස්තියානි පුද්ගලයන් 130කට attack කර තිබේ. ඉංග්‍රීසියේ attack යන්න ශාරීරික පහර දීමක් සඳහා ම භාවිත වන්නේ නැත. එකී attack ඇතැම් විට පෞද්ගලික ආරවුල් අරභයා සිදු කර ගත් දේ ද විය හැකි ය.

වැඩ සටහන ඉදිරිපත් කළ සංඛ අමරජිත්, ලක්ශාන් ඩයස් නමැත්තා ගෙන්, මේ පිළිබඳ ව නැවත, නැවත ප්‍රශ්න කළ අතර, ඔහු කියා සිටියේ ම, ප්‍රහාර එල්ල කර තිබෙන්නේ ‘places of worship’ හෙවත් පල්ලිවලට බව ය. මෙය අතේ පත්තු කළ කෙබරයකි.

මේ අනුව පැහැදිලි වන්නේ ඔහු ආගමික ගැටුමකට තුඩු දෙන ආකාරයේ බරපතළ ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙන බවයි. ජාතිවාදී ආගම්වාදී ලේබල් අලවමින් මෙරට සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවේන් පෙනී සිටින සංවිධාන සහ භික්ෂූන්වහන්සේ මර්ධනය කිරීමට උත්සාහ කරන ආණ්ඩුව, ආණ්ඩුවට කඩේ යන මෙවැනි පුද්ගලයන් රට ගිනි තබමින් අමු අමුවේ සිදුකරන ජාතිවාදී කුපිත කිරීම් දෙස නෑසූ කන්ව සිටීම කණගාටුදායකය.

මොවුන් දෙදෙනා ඒකපාර්ශ්වික සහ පදනම් විරහිත මූලාශ්‍ර ගෙනහැර දක්වමින් දිගින් දිගටම ඔවුන් දෙදෙනා මෙරට සිංහල බෞද්ධයන් දමිළ, මුස්ලිම්, ක්‍රිස්තියානි සුළුතරයට එරෙහිව ප්‍රචන්ඩත්වය මුදාහැර ඇති බවට ප්‍රකාශ කරමින්, සිංහල බෞද්ධයන් කෙරේ අනෙකුත් ජනවර්ග අතර වෛරය ඇතිකරන සුළු බේගල් ඇද බාමින් පාළු ගෙයි වළං බිදිද්දී, ඊට නිසි ප්‍රතිචාර දැක්වීමට සුදුසු ප්‍රතිපාර්ශවයක් නොවීම නිසා වැරදි පණිවිඩයක් සමාජගත වූවා මෙන්ම මේරට තුළ සැබෑ ලෙසම අගතියට පත් සිංහල ජනතාවට සිදුවූයේ බලවත් අසාධාරණයකි.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1467802719924668/” width=”500″ height=”400″ onlyvideo=”1″]

හිරාන් හේවගේ

Related posts

කපිතාන් අසේල ධර්මසිරි මුදලට විකිනුනු හැටි පාපොච්චාරණය කරයි – රහස් හඩපටය මෙන්න

colombotoday

වසරකට දරු උපත් 35,500යි… නීති විරෝධී ගබ්සා 36,500යි

colombotoday

ඔරුමිත්තනාඩුවක් අවශ්‍ය දේශපාලනඥයින්ට දකුණේ සිංහලයින් සමග ජීවත්වීමේ අයිතියක් නෑ

colombotoday

අපිට ආර්ථික ඝාතකයො නෑ.. මොන බාධක ආවත් ආර්ථිකය ගොඩ දාලයි පස්ස බලන්නේ

colombotoday

කළුබෝවිල රෝහලේ සේවකයෙකුටත් කොරෝනා

colombotoday

ශනිල් නෙත්තිකුමාරට ඇප

colombotoday