Colombo Today Local News

පොලිස් ලොක්කෝ අගමැති හමුවෙති !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13)  පොලිස්පති ඇතුළු පොලීසියේ ප්‍රධානින් හමුවී ඇත.

පොලීසිය ප්‍රතිසංවිධාන කරණ ආකාරය, සුබසාධන කටයුතු සහ නව සැලසුම් පිළිබඳව එඑම හමුවේදී සාකච්ඡා කර තිබේ.

එසේම නව විමර්ශන සඳහා යම් දේශපාලන බලපෑම් සිදුවන බවට පැවසෙන සිද්ධින් පිළිබඳවත් එවැනි කතාවන්ට යටනොවී තම කටයුතු සිදුකරගෙන යන ලෙසත් අග්‍රාමාත්‍යවරයා පොලීසියට උපදෙස් දී ඇත.

විශේෂයෙන් සිදුකරණ විමර්ශන ඉතාමත් ස්වාධීනම කඩිනමින් නිමකරණ ලෙසත් අගමැතිවරයා දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා ද පසුගියදා පොලිස් ප්‍රධානින් කැඳවා වංචා දුෂණ විමර්ශන පරික්ෂනයන්හි ප්‍රගතිය විමසා සිටි අතර, කිසිඳු දේශපාලන අධිකාරියක බලපෑම් වලට යටත් නොවී ස්වාධීනව අපක්ෂපාතිව විමර්ශන කටයුතු සිදු කරන ලෙසත්, කිසිඳු විමර්ශනයකට තමාගේ බලපෑමක් නොමැති බවත් අවධාරණය කර තිබිණ.

Related posts

බ්‍රිගේඩියර් ප්‍රියංක සියලු චෝදනාවලින් නිදහස්… වරෙන්තු අවලංගු කර නඩුව මුල සිට කැදවයි…

colombotoday

“අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවලට පමණක් මුදල් වෙන් කරන්න” – ජනපතිගෙන් උපදෙස්

Admin

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Admin

ඇමැති ගාමිණිගේ රියැදුරාට පිහියෙන් ඇන මරා දමයි

colombotoday

බෝතල් ප්‍රහාර අතරේ කෝලි ළගට ගිය මාලිංග අපේ රටේ නම බේරාගන්න කියපු කතාව (Photo)

colombotoday

පොලිස් ස්ථානාධිපතිවරුන් 22ක ගේ නිල මුද්‍රා ඇතුළු නිල මුද්‍රා 75ක් හොරට හදලා

colombotoday