Colombo Today Local News

ඥානසාර හිමි පිලිබදව එල්ලාවල හිමිගෙන් විශේෂ හෙළිදරවුවක්

මෑත කාලයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි කැපී පෙනෙන චරිතයක් බවත් ඊට පෙර උන්වහන්සේගේ ක්‍රියා කාරිත්වය පිලිබදව රටට හෙලිකල යුතු බවත් අවුරුදු කිහිපයක් මුළුල්ලෙහි ජාතික සංඝ සම්මේලනයේ සබාපති ලෙස තමන් වහන්සේත් ලේකම් ලෙස රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිත් රටේ වටේ ඇවිදිමින් මහා සංඝ රුවන සහ බෞද්ධ ජනතාව එක අරමුණකට ගෙන ඒමට සහ රට ජාතිය ආගම සුරැකීමට අභීත සටනක් කරමින් ඉදිරියට ගිය බව පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමි සදහන් කර සිටිනවා.

එම බලවේගය මේ රටේ දරුණු ත්‍රස්තවාදය පරාජය කර රටට සාමය උදාකරලීමට සමත්වූ බව මුළු රටත් විරුද්ධවාදී කොටි ත්‍රස්තයනුත් දැනසිටි බව සදහන් කර සිටි මේධානන්ද හිමි එම නිසාම ත්‍රස්තවාදී මරණ ලැයිස්තුවේ තමන්වහන්සේලා පෙරමුණේ සිටි බවත් ප්‍රකාශ කර සිටියා. ඒ අවධානම දරමින් මේ රට එක්සේසත් කිරීමට රාජ්‍ය බලය ශක්තිමත් කිරීම සදහා තමන් වහන්සේලා දෙනම කටයුතු කල බවත් ඒ ගමන කිසිවිටෙක පාවා නොදුන් බවත් එය අඩපන හෝ කිලිටි නොකළ බවත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා. එසේ ක්‍රියා කලේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන උදෙසා නොවන බවත් එසේ ක්‍රියා කල අය අද මාලිගා වැනි දිවිය ලෝකවල වැජබෙන බවත් තමන් වහන්සේලා ඉතා අමාරුවෙන් හදාගත්ත පැරණි ගොඩනැගිලිවල අදටත් ජිවත් වන බවත් සදහන් කර සිටි එල්ලාවල හිමි තමන් වහන්සේලාගේ ශක්තිය ධනයට, බලයට හෝ නිලයට පාවා නොදුන් බවද සදහන් කර සිටියා.

එවක සිටි පාලකයින්ට රට බේරා ගන්න බැරිනම් බස යන ලෙසට තමන් වහන්සේලාට පැවසීමට හැකිවුවේ ඒ ශක්තිය මතින් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි අවධාරණය කර සිටියා.

ජනවාරි 28 දිනට යෙදී තිබුණු පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමිගේ 80 වන ජන්ම දිනය වෙනුවෙන් බොදු බල සේනා ඇතුළු ජාතික සංවිධාන කිහිපයක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ සංවිධානය කර තිබු භික්ෂුන් වහන්සේලා සියක් නමකට දන් පිළිගැන්වීමේ අවස්ථාවට එක් වෙමින් පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි මෙම අදහස් පළකර සිටියහ.

https://www.youtube.com/watch?v=RumIF8sRysw&feature=youtu.be%20

Related posts

නව පොලිස්පති DIG වික්‍රමසිංහ ?

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

බුදු පිළිම වහන්සේලාට පැනවූ ලක්ෂ 32 ක බද්ද ඉවතට…

colombotoday

IMF නියෝජිතයින් අද දිවයිනට

colombotoday

හිරගෙට ගිය රන්ජන්ට චන්ද්‍රිකා විසින් විජය මාමාගේ ගීතයක් සිහිකර දෙයි.

colombotoday

නිල ඇදුම් නැති වුවද වර්ණ ඇදුම් පාසල් එන්න අවසර

colombotoday