Colombo Today Local News

පළමුව ජනමත විචාරණය.. පළාත් පාලන මැතිවරණය ඉන් පසු !

යහපාලන රජය 2017 වසරේ මුහුණ දෙන ප්‍රථම මැතිවරණය ජනමත විචාරණය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (25) පැවති සාකචිඡාවක දී අදහස් පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ නව ව්‍යවස්ථාව සදහා එම ජනමත විචාරණය පවත්වන බවයි.

පාර්ලිමේන්තුවෙන් එය සම්මත වූ පසු ජනමත විචාරණයට ලක් කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

නව ව්‍යවස්ථාව සකස් කිරීම සදහා මෙවනවිට කමිටු පත්කිරීම සහ ජනතාව දැනුවත් කිරීම ආරම්භ කර ඇති බවත්, කඩිනමින් ව්‍යවස්ථාව සකස් කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

ජනමත විචාරණයෙන් පසු පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පවත්වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.

සියළුම පළාත් සභා මැතිවරණ එකම දිනයක දී ද, සියළුම පළාත් පාලන ආයතන මැතිවරණ එකම දිනයක දී ද පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Related posts

බ්‍රැන්ඩික්ස් ආයතනයට එරෙහිව වහා අපරාධ විමර්ශනයක් ආරම්භ කරන්න | නීතිපතිගෙන් පොලීසියට නියෝග

colombotoday

අද රටේ සියළු ප්‍රශ්න ඇතිව තිබෙන්නේ රාජපක්ෂ නිසා – කබීර් හෂීම්

colombotoday

වෙරළ තීරයේ නාඳුනන මළ සිරුරු දෙකක්

colombotoday

අධිවේගීමාර්ගයන්ට නව නීති රීති

Admin

අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට රන්ජන්ට අධිකරණය දුන් තීන්දුව

colombotoday

දිගටම විපක්ෂ නායක – ආර්. සම්බන්ධන්

colombotoday