Colombo Today Local News

සජබෙ කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක

සමගි ජන බලවේගය සංවිධානය කරන දරාගත නොහැකි ජීවන වියදමට දරාගත හැකි විසඳුමක් ලබා දෙන්නැයි රජයට බල කරන දැවැන්ත විරෝධතාවක් අද කොළඹදී පැවැත්වේ.

විරෝධතාවයට සහභාගි වීමට මේ වන විටත් දිවයිනේ නන් දෙසින් ජනතාව කොළඹට පැමිණෙමින් සිටී.

මෙම විරෝධතාවේ තේමාව රට විනාශයි – බේරාගමු යන්නයි.

සමගි සේවක සංගමය, සමගි වනිතා බලවේගය, සිවිල් සංවිධාන සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටිති.

සමගි ජන බලවේග අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ඇතුළු පාක්ෂිකයින් පිරිසක් අද(15) පෙරවරුවේ කොළඹට පැමිණීම ආරම්භ කළේ ය.

මේ අතර, පොළොනේනරුව , ගාල්ල , හැටන් ප්‍රදේශවල සිට ද සමගි ජන බලවේගයේ පාක්ෂිකයින් කොළඹට පැමිණීම ආරම්භ කර තිබේ.

මේ අතර ජීවන වියදම සහ ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් සමගි ජන බගවේගය ඊයේ රාත්‍රියේ හාලිඇළ නගරයේදී විරෝධතාවක නිරත විය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමට සම්බන්ධ අරගලකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

colombotoday

ඇත් පහරින් ගොවියා මරු දකී

Admin

ඇතුල්කෝට්ටේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක් ගිනිබත් වෙයි

colombotoday

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

6.5% මදි.. බස් සංගම් සටනට සැරසෙයි… හෙට සිට වර්නයේ !

colombotoday

කොළඹ නගරයට විදුලි බස් රථ

colombotoday