Colombo Today Local News

පස්සේ හංගන් රත්රන් පන්නන්න හැදූ ඉන්දියානුවන්ට වැඩ වරදී

රත්රන් තොගයක් කටුනායක ගුවන් තොටුපළ තුළ හුවමාරු කරමින් සිටි ඉන්දීය ජාතික ගුවන් මගීහු දෙදෙනෙක් ඉකුත් 28 දින අලුයම, කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආවේක්ෂණ රාජකාරී වල නිරත සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 290 ක් බරැති මෙම රත්තරන් තොගය ගුලි වශයෙන් සකස් කර ගුද මාර්ග තුළ පහසුවෙන් සගවා ගැනීමට හැකිවන පරිදි ඒවා මත ජෙල් විශේෂයක් තවරා තිබූ නිලධාරීන් පවසයි.

ඉකුත් 28 දින අලුයම 12.45 ට එක්සත් අරාබි එමීර් රාජ්යේයේ ඩුබායි සිට, එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් පැමිණි 43 හැවිරිදි ඉන්දීය ජාතික ගුවන් මගියා මෙම රත්තරන් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇති අතර එදින අලුයම 03.30 ට ඉන්දියාවේ චෙන්නායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ 1208 දරන ගුවන් යානයට පිව්සීමේ අදහසින් ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය තුළ රැදී සිටි 28 හැවිරිදි අනෙක් ඉන්දීය ජාතික ගුවන් මගියාට මෙම රත්තරන් ගුලි තොගය ලබා දී ඇත.

මෙම අවස්ථාවේ එම ස්ථානයේ ආවේක්ෂණ රාජකාරී වල නිරත වී සිටි ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්, සැක කටයුතු ලෙස මෙම පර්යන්තය තුළ හැසිරෙමින් සිටි මොවුන් දෙදෙනා සහ ඔවුන් නීතිවිරෝධී ලෙස රැගෙන යාමට සූදානම් කර තිබූ රත්තරන් ගුලි තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම රත්තරන් ගුලි තොගය සහ මෙම ඉන්දීය ජාතිකයන් දෙදෙනා, මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාර දී ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති මෙම රත්තරන් ගුලි මත ජෙලි විශේෂයක් තවරා තිබීම නිසා , මෙම රත්තරන් ගුලි වල වටිනාකම තක්සේරු කිරීමට අපහසු බැවින් , මෙම ජෙලි ඉවත් කර විද්‍යා ත්මක පරීක්ෂණ සිදු කිරීම සදහා රසායනාගාරයක් වෙත මේ වනවිට රත්තරන් තොගය යොමු කර තිබේ .

Related posts

ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගත් පොලිස් නිලධාරියකුට මන්නා පහර

Admin

කටඋත්තරය ආපිට කැරකෙයි.. ලසන්ත ඝාතනයට ෆොන්සේකා අත්අඩංගුවට ?

colombotoday

සිලින්ඩරයකින් 700 ක් පාඩුයි. මිල ඉහළ දාන්න ඕනි. නැත්නම් ගෑස් හිඟ වෙයි. | ලාෆ්ස් ගෑස් ලොක්කා කියයි.

colombotoday

“නව ව්‍යවස්ථාවෙන් මීට වඩා බලය බෙදීමක් ලැබේවි“ – සම්බන්ධන්

colombotoday

මහින්ද තිරුපති ගිය ජෙට් එක දුන් වේලුපිල්ලේ කනනාදන් නොහොත් කන්නා ගේ පැටිකිරිය

colombotoday

කාසියේ වාසිය ලංකාවට

Admin