Colombo Today Local News

“නව ව්‍යවස්ථාවෙන් මීට වඩා බලය බෙදීමක් ලැබේවි“ – සම්බන්ධන්

tna 265ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව මගින් ප්‍රාදේශීය මට්ටමෙන් දැනට වඩා බලය විමධ්‍යගත කිරීමක් සිදුකෙරෙනු ඇතැයි බලාපොරොත්තු වන බව විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි.

විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කර ඇත්තේ සාම්පූර් විද්‍යාලයේ පැවැත්වුණු කෘෂිකර්ම ප්‍රදර්ශනයක් විවෘත කළ අවස්ථාවේදීය.

පවතින ව්‍යවස්ථාව මගින්ද එක්තරා දුරකට පළාත්වලට බලය විමධ්‍යගත කර තිබෙන බව පෙන්වා දුන් විපක්ෂනායකවරයා, කෙසේ නමුත් එමගින් දෙමළ ජනතාව ඉල්ලා සිටින මට්ටමට බලය විමධ්‍යගත වී නැති බවත් පෙන්වා දී ඇත.

එබැවින් නව ව්‍යවස්ථාව මගින් තවදුරටත් බලය විමධ්‍යගත කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව සඳහන් කළ ඔහු, නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂ මතුකරමින් සිටින පරස්පර විරෝධී අදහස් පිළිබඳව අවධානය යොමු නොකළ යුතු බවද අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ජාතීන් අතර පූර්ණ සංහිඳියාවක් ඇතිකරනු වස් ෆෙඩරල් ක්‍රමයක් මත පදනම් වූ අර්ධ අනාගමික රාජ්‍යයක් නව ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කළ යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බ්‍රහස්පතින්දා කොළඹදී විශේෂ දේශනයක් පවත්වමින් සඳහන් කර තිබුණි.

(BBC)

Related posts

ඇමති විමලවීර දිසානායකගේ පුස් පාර්ට් එකට විරුද්ධව වනජීවී නිලධාරීන් වර්ජනයක.

colombotoday

“ත්‍රස්තවාදය ඉවර නෑ.. දැන් ත්‍රස්තවාදීන් අන්තර්ජාලයේ වෙබ් ඔස්සේ ක්‍රියාත්මකයි“ – අගමැති

colombotoday

නාමික නිදහසේ වහළුන් නොවෙමු, උදුරාගත් නිදහස නැවත දිනාගනිමු – මහාචාර්ය නලින් ද සිල්වා

colombotoday

අස්වැසුම වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා මිලියනය පනී

Admin

කල්ලාරු මහ ඇතුගේ දළ විකුණන්න හැදූ මුස්ලිම් මව්ලවි ඇතුළු තිදෙනාට දඩුවම්

colombotoday

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ බඳවාගත් සියලුදෙනාගේ රැකියා ස්ථිර වීම ලඟදීම

Admin