Colombo Today Local News

අනියම් මිනීමැරීමේ චෝදනා යටතේ ලිට්‍රෝ සභාපති ඇතුළු පිරිසකට නොතීසි

නිවසේ තිබූ ගෑස් සිලින්ඩරය පුපුරායෑමෙන් තම බිරිඳ පිලිස්සී මිය යෑම සම්බන්ධයෙන් වගකිවයුතු ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව අනියම් මිනීමැරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට කටයුතු කරන ලෙසට බලකරමින් මැන්ඩාමුස් රීට් ආඥාවක් නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට නිකුත් කරන ලෙසට ඉල්ලා සිව් දරු පියෙක් ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ට ලබන අප්‍රේල් මස 8 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද (10)දින නොතීසි නිකුත් කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා, පාරිභෝගික සේවා අධිකාරිය, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ය.

සමෘද්ධිය නිලධාරියකු වන ශාන්ත කුමාර සිරිමාන්න මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු මෙම පෙත්සම ගොනු කර ඇත.

Related posts

කැබිනට් ඇමැතිකමක් සමග ඩලස් ආණ්ඩුවට?

colombotoday

“මැද පෙරදිග ගෘහ සේවය හැර රටට ආදායම් ගේන වෙන ක්‍රමයක් නෑ”තලතා යහපාලන ආර්ථික ඔස්තාර්ලාගේ සළු ගලවයි

colombotoday

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජිවිතක්ෂයට

colombotoday

ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට කොටි ත්‍රස්‌ත ප්‍රහාරය එල්ල වී වසර තිස්‌තුනයි

colombotoday

කිඹුලාපිටිය රතිඤ්ඤා කර්මාන්ත ශාලාවේ ඇතිවූ ගින්නෙන් හිමිකරුත් ජීවිතක්ෂයට

Admin

කම්සැප විදින්න කෝටියක ත්‍රීවිල් උස්සලා

Admin