Colombo Today Local News

හතළිස්‌ වසරක්‌ දළදා කරඬුව වැඩම වූ මාළිගාවේ ඒකදන්තයා මියයයි (Photo)

මහනුවර දළදා පෙරහැර මංගල්‍යයේ වසර හතළිහක්‌ පුරා සධාතුක කරඬුව වැඩම කිරීමේ භාග්‍ය හිමිව තිබූ ඒකදන්ත ඇත්රාජයා ඊයේ (12දා) මැදින් පුර පසළොස්‌වක පොහෝදා පස්‌වරුවේ මිය ගියේය.

විමලා කන්නන්ගර මහත්මිය විසින් ශ්‍රී දළදා මාළිගයට පූජා කරන ලද මෙම ඇතා මිය ගියේ ඇයිද යන්න නිශ්චිත හේතුවක්‌ තවමත් සොයාගෙන නැති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසුව ඒ බැව් ස්‌ථිරව දැන ගත හැකි බව ශ්‍රී දළදා ඇත් පන්තිය භාර ප්‍රදීප් මියනපලාව මහතා පැවැසීය.

මිය යන විට වයස අවුරුදු පනහක්‌ සපුරා සිටි ඒකදන්ත ඇතා අවසන් රන්දොaලියට පසුදින දහවල් සධාතුක කරඬුව වැඩම කරවන ඇතා වන අතර රාත්‍රී ඇසළ පෙරහර අතර වාරයේ සධාතුක කරඬුව වැඩම කරවීම සඳහා දායක වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා පැවැසීය.

Related posts

අරලියගහ මැදුරේ භික්ෂූන් දහසකට ෆෙඩරල් දානයක් !

colombotoday

වන්නි මෙහෙයුමේ සෙන්පතියන් විදේශයන්හිදී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්…

colombotoday

සියලුම බලපත්‍රලාභී බැංකු අද සහ හෙට විවෘතයි..

colombotoday

ශ්‍රී ලංකාවට ICC සාමාජිකත්වය අහිමිවීමේ අවදානමක්

colombotoday

වරපලාන විහාරස්ථානයක හිමි නමකට ප්‍රහාරයක් – තුවාල ලබා රෝහල් ගත කරේ

colombotoday

මහනුවර – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක

Admin