Colombo Today Local News

කටුනායක ඩියුටි ෆ්‍රී සාප්පුත් ඉන්දියාවට.. ගනුදෙනුව යට ටෙන්ඩර් මගඩියක් !

සේවක සේවිකාවන් තුන් සියයකට පමණ රැකියා අහිමි කරමින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ඉන්දියානුකරණය කිරීමේ මහා පරිමාණ සැලැස්‌මක්‌ ක්‍රියාත්මකව ඇතැයි එහි සේවක පිරිස්‌ සඳහන් කරති.
අතයට සිදු වන රුපියල් කෝටි ගණනක ගනුදෙනුවක්‌ මත ටෙන්ඩර් මගඩියකින් ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳ අයිතිය වසර පහකට ඉන්දීය සමාගමකට ලබා දීමෙන් මෙය සිදු කෙරෙන බවද ඔවුහු පෙන්වා දෙති.

දැනටමත් අදාළ ඉන්දීය සමාගමට තීරුබදු රහිත ගුවන්තොටුපළ සාප්පු සංකීර්ණයේ කාණ්‌ඩඩ අංක 01 ට අයත් ඉහළ වෙළෙඳ ධාරිතාවක්‌ ඇති කුටිවල වෙළෙඳ අයිතිය පවරා අවසන්ව ඇතැයිද එම සේවකයෝ සඳහන් කරති.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය මගින් ඉකුත් 2016 වසරේ මැයි මස 8 වැනිදා කැඳවන ලද ටෙන්ඩරයකට අනුව එකී ඉන්දීය සමාගමට තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ කාණ්‌ඩ අංක 01 ට අයත් කොටස මෙසේ ලබා දී ඇති අතර එහිදී කාණ්‌ඩ අංක දෙකට අයත් කොටසද එම ටෙන්ඩරය මගින්ම ලබා දෙන බව කීවද මේ වන විට එය අවලංගු කොට නැවත ටෙන්ඩර් කැඳවීමට අමාත්‍යංශය ක්‍රියා කර ඇත.

එහිදී අරුම පුදුම තීන්දුවක්‌ ගනිමින් අදාළ ඉන්දීය සමාගම ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ පළමු කොටස ලබා ගැනීමට ඉදිරිපත් කළ මිල අවම ලංසුව වශයෙන් යෙදීමටද අමාත්‍යංශ බලධාරීන් පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වන ගුවන් තොටුපළ සේවකයන් පවසනුයේ සාප්පු සංකීර්ණයේ ඉතිරි කොටස මුල් ටෙන්ඩරයට ඉදිරිපත් කළ මිල යටතේ ඉන්දීය සමාගමටම ලබා දීමේ උපක්‍රමයක්‌ වශයෙන් එසේ අවම ලන්සුව වෙනස්‌ කිරීම සිදුව තිබෙන බවකි.

ජාත්‍යන්තර ටෙන්ඩරයක්‌ කැඳවීමේදී අමාත්‍යාංශ බලධාරීන් මේ අන්දමින් ක්‍රියා කිරීම රටට විදේශ ආයෝජන ලැබීමේ ක්‍රියාවලියට පවා බලපෑම් එල්ල කරන බවද පෙන්වා දෙන සේවකයෝ යම් ලෙසකින් රජය ඉන්දියාව සමඟ ඉක්‌ටා ගිවිසුම අත්සන් තැබුවහොත් ඉදිරියේදී කටුනායක ගුවන් තොටුපළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ ඉන්දීය ජාතික සේවකයන් සේවය කිරීම වැළැක්‌විය නොහැකි බවද පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතාගෙන් අප කළ විමසීමකදී ගුවන් තොටුපළ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් රජයට වැඩි ආදායමක්‌ ලබා ගැනීමේ අරමුණ ඇති කැබිනට්‌ මණ්‌ඩලයේ තීරණයකට අනුව අවම ලන්සුව නියම කර දෙවන ටෙන්ඩර් කැඳවීම සිදු කළ බව හෙතෙම පැවසීය.

එම තීරණය ගනු ලැබුවේ පැහැදිලිවම අමාත්‍ය මණ්‌ඩලයේ අනුමැතිය ඇතිව බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

 

Related posts

අනිද්දා පැය 10ක ජල කප්පාදුවක්

Admin

වෙළඳපොළේ සහල් හිඟයක්

Admin

රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් එකටම අවසන් ගමන් යයි

Admin

ඩෙංගු මරණ ගණන 150 පනී.. රටක් දියුණු වෙනකොට එහෙම වෙනවා – සෞඛ්‍ය ඇමති කියයි

colombotoday

ත්‍රිකුණාමලයේ ඇති ඉන්දියානු රාජ්‍ය බැංකුවේ පස්වන ශාඛාව විවෘත කෙරේ..

Admin

සයින්දමර්දු බෝම්බ ප්‍රහාරයේ සාක්ෂි සැඟ වු පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday