Colombo Today Local News

කොරෝනා ආසාදිත ගැබිනියකගේ සැමියා රහසේම රට ගිහින්

නිවසෙන් බැහැර නොයන ලෙසට උපදෙස් දී තිබූ කොරෝනා ආසාදිත ගැබිනියකගේ ස්වාමිපුරුෂයකු නිරෝධායන නීති උල්ලංඝණය කරමින් විදෙස් ගතවී ඇතැයි කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

මීට මාස කීපයකට පෙර ඩුබායි සිට ඔහු නිවසට පැමිණ ඇති අතර කාලය ඉක්මවා යන බැවින් නැවත රැකියාව සඳහා විදෙස් ගත වූ බව නිවැසියන් සදහන් කර තිබේ.

එම නිවසේ සිටින ගැබිනියක් ඉකුත් 16 වැනිදා සිදු කළ පරීක්ෂණයකදී කොවිඩ් වැළඳී ඇති බවට හඳුනාගෙන තිබූ අතර ඒ අනුව ලබන පළමු වනදා දක්වා බැහැර නොයන ලෙසට උපදෙස් දී තිබූ බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියා සිටියේ.

නිවසේ නිරෝදායනය වන ලෙස දැන්වීම් අලවා තිබිය දී පෙරේදා (28)දින අළුයම මෙම පුද්ගලයා විදෙස් ගතව තිබේ.

Related posts

අදත් වායූ දුෂණ මට්ටම් අගය 100 ඉක්මවයි

Admin

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සූක්ෂමව වලදමා තිබූ අත්විලංගුවක යතුරක් හමු වෙයි

colombotoday

රටටම හොරෙන් මංගල සමරවීර කළ මහා පාවාදීම.. ඇමති මහින්ද සමරසිංහ හෙළිකරයි !

colombotoday

සිරිකොත colomboToday ගැන CIDයෙන් අහන්න යයි !

colombotoday

ත්‍රිවිධ හමුදාවම යාපනයට කැදවයි !

colombotoday

ජනාධිපති වෙන්නේ මමයි. මහේෂ් සේනානායක කියයි

colombotoday