Colombo Today Local News

කාබනික පොහොර නිෂ්පාදනය වෙනුවෙන් ගොවීන් ලක්ෂ 4කට මුදල් ගෙවා අවසන්

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ගොවීන් හාර ලක්ෂ 81000 කට මේ වනවිට මුදල් ගෙවා අවසන් බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

පොහොර නිෂ්පාදනය සඳහා ගොවීන්ට ලබා දෙන රුපියල් 12,500 දිමනාවෙන් රුපියල් 7500 ක වාරිකය මේ වනවිට එම ගොවීන්ට ලබා දී ඇති බව ඔහු සදහන් කරයි.

නැගෙනහිර පළාතේ පමණක් ගොවීන්ට ලබාදී ඇති මුදල රුපියල් මිලියන 1000 ඉක්මවයි.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ, දේශගුණ විපර්යාසයන්ට විසඳුම් සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ රාජ්‍ය අමාත්‍ය අනු කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ (30)දින එක්වෙමින් ය.

එළැඹෙන මහ කන්නයේ වගාවන්ට අවශ්‍ය කාබනික පෙහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබාදීම සඳහා සියලු පියවර ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙහිදී අදහස් පළ කළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශකරන්නේ, වල් මර්දනයට වල් නාශක හිඟය පිළිබඳ ඉදිරියේදී කෘෂිකර්ම අමාත්‍යංශය දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.

Related posts

මුලතිව් තවත් අක්කර 279ක් මුදාහැරේ !

colombotoday

අධික වේගයෙන් ආ මෝටර් රථය බොක්කුවේ – 19 හැවිරිදි තරුණයෙක් මරු දකී.

colombotoday

තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි…

colombotoday

අර්බුදය විසදන්න මහින්දට යන්නේ විනාඩි 05 යි

colombotoday

හබරාදුව ප්‍රාදේශිය සභාව වසා දමයි

colombotoday

පාසල් ඇරඹීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ…

colombotoday