Colombo Today Local News

කුඩා දරුවන් අතර පැතිරෙන රෝගයක්

කුඩා දරුවන් අතර ව්‍යාප්ත වන රෝගයක් මේ දිනවල දැකගත හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා පවසයි.

“හෑන්ඩ් පුට් මවුත් ඩිසීස්“ නමැති එම රෝගය සෑම කාලයකම පාහේ දැකගත හැකි රෝගී තත්ත්වයක් වන අතර මාස හයත් වයස අවුරුදු 05ත් අතර දරුවන්ට වැළඳිය හැකි බව විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා වැඩිදුරටත් කියාසිටියේය.

උණ, ඇඟපත වේදනාව, අත්වල, පාදවල සහ කටේ රතු ළප ඇති වීම මෙහි මුලික රෝග ලක්ෂණ වන අතර එම රෝගය දරුවෙකුගෙන් තවත් දරුවෙකුට බෝවිය හැකි බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

“කෝවිඩ් ඇතුළුව රෝග කිහිපයක් දරුවන් අතර අපි දකිනවා. විශේෂයෙන් ම ඩෙංගු රෝගය ඉතා විශාල වශයෙන් පවතිනවා. ඩෙංගු හා සමාන ලක්ෂණ තියෙන වෛරස් උණක් අපි දකිනවා. ඊට අමතරව පසුගිය අවුරුදු 20 – 30 දීම දැකපු හෑන්ඩ් පුට් මවුත් ඩිසීස් නැමති රෝගය ආපහු සැරයක් අපි ළමයි අතර දකිනවා.“

Related posts

දොස්තර වර්ජනය සතියකින් කල් දමයි !

colombotoday

පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව CID අත්අඩංගුවට

colombotoday

අධිවේගයේ අනතුරකින් කතක් මරුට… 5ක් රෝහලේ..

colombotoday

“ආදාහන බෑ. භූමිදානය ඕනි. ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්න.” මුස්ලිම් දේශපාලකයන් තානාපති කාර්යාලවලින් ඉල්ලයි.

colombotoday

මීළඟ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය – ඉන්දීය මාධ්‍ය හෙළි කරයි

colombotoday

ප්‍රේමලාල් ජයසේකරගේ මරණ දඬුවම: ඉරණම තීන්දු කෙරෙන අභියාචනා තීන්දුව මාර්තු මස 31

colombotoday